IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අධිවේගයේ පෙරැලුණු වෑන් රියට යටවී දැරිය මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.දශම  2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් කීප  දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

අනතුරට පත් වූවන් අතර ගැබිණි මවක්ද  සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .අනතුරින් මියගොස් ඇත්තේ කතරගම වැඩිහිටි කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 2 මාස 2 වයසැති  දැරියකි.

කැලණිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගි වීම   සඳහා පවුල් කිහිපයක සාමාජිකයන් පිරිස රැගෙන මත්තල සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ටයරයක් පිපිරී යාමත් සමගම වෑන් රථය පෙරළී අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

(ඡායාරූපය-එම්.කේ.නන්දසේන)

.

 



අදහස් (2)

අධිවේගයේ පෙරැලුණු වෑන් රියට යටවී දැරිය මරුට

චන්දිම Wednesday, 14 August 2024 01:42 PM

වාහනයේ ටයර් ගෙවී තිබීම හෝ එසේ නොවී ටයරයේ කල් ඉකුත්වීම නිසා අනතුර වුණා වෙන්නත් පුළුවන් වගේම තව කාරණයක් තියෙනවා කියන්න. දිනක් මම අධිවේගයේ නියමිත් වේගයට අනුව කාර් රථයක් ධාවනය කරමින් සිටියදී හදිසියේම මට පෙනුණා පාරේ තිබුණා ලොරියක් වැනි වාහනයකින් ගැලවී වැටුණු මුරිච්චි ඇණයක්. මට ඒක පෙනුනේ බොහෝම ළඟටම ආවාට පස්සේ. ඒ වෙලාවේ පොඩ්ඩක්වත් හරවන්න වෙලාවක් නැහැ. තව වාහනයක් මගේ වාහනය ඉස්සර කරනවා. සුක්කානම ඉතා තදින් අල්ලාගැනීම හැර වෙනත් දෙයක් කරන්න කිසිම විදියක් නැහැ. රෝදය ඇයට උඩින් ගියා. වාහනය උස්සලා ගැහුවා වගේ හොඳටම ගැස්සිලා ගියා. පෙරලි නොගොස් බේරුනේ පුරුවේ කළ පිනකට වෙන්න ඇති....

:       2       18

ජයනාත්Wednesday, 14 August 2024 03:50 PM

දැන් අධිවේගී මාර්ගය හොඳටම අබලන් සමහර තැන්වල පාරෙ වලවල්. සමහර තැන්වල කාපට් ඉවත්වෙලා. ගල් මතුවෙලා. පාලම අසල ගැටි මතු වෙලා. අනතුරු වැඩි වෙන්න තවත් හේතුවක් ඒක...

:       3       8

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 721 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 142 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3388 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1159 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2210 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30677 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site