IMG-LOGO

2024 ජුලි මස 05 වන සිකුරාදා


අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි

(අංජුල මහික වීරරත්න)

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු යැයිද විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි යැයිද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත් ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු  සඳහා පත් වීම් ප්‍රදානය කිරීම  හා උපාධිධාරින්  1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට  ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.



අදහස් (7)

අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි

ජයනාත් Wednesday, 03 July 2024 02:19 PM

පන්තිවල බලෙන් උගන්වන්න බැහැ. තියෙන ප්‍රශ්න වලට උත්තර සපයලා ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් රට තුළ හැදිය යුතුයි...

:       23       16

krishnaWednesday, 03 July 2024 03:13 PM

මහත්මයා ගුරුවරයෙක්ද..? නැත්තං...!

:       9       3

randhunuWednesday, 03 July 2024 03:27 PM

බැරි එවුන් රස්සාවෙන් අස් වෙයල්ලා . පුලුවන් උන් කරයි. බලෙන් රස්සාවට ගත්තෙ නැහැනෙ.

:       6       13

අසරණ සරණWednesday, 03 July 2024 04:46 PM

ප්‍රශ්න තියෙනවා නම් දරුවො අසරණ නොකර ඉවත්වෙලා පලයංකෝ ජයනාත් .ඕවා නුඹලාට ආත්ම ගණනක් පඩිසන් දේවි නුඹලාට කවුරුවත් බලෙන් ඇවිල්ලා පත්වීම් දීලා නැහැනේ මොන ආණ්ඩුව ආවත් කරන්නෙ කරන්න පුළුවන් තරමට තමයි කරන්නෙ

:       4       10

සෙනෙවිරත්න Wednesday, 03 July 2024 03:10 PM

පඩි නැතුව වැඩ කරපල්ලා...

:       7       5

Wajirapani Wednesday, 03 July 2024 07:22 PM

කොහොම වුනත් පත්වීම් ලිපියේ තියෙන කොන්දේසි තව ටිකක් විධිමත් කරන්න ඕන ඊළඟට පත්වීම් ලබාදීම සිදුකර මාස කීපයක් පත්වීම් ලිපියේ කොන්දේසි හා රජයේ සේවකයින්ගේ වගකීම් තමන්ගෙ තනතුර රාජ්‍ය සේවයේ තියෙන ස්ථානය ආදිය ගැන පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්න ඕන පුහුණුව අවසානයේ විභාගයක් පවත්වා ලබාගත් ලකුණු අනුව පාසල් ලබාදීම කලොත් හොදයි කියලා හිතෙනවා

:       0       0

ජයනාත් Wednesday, 03 July 2024 08:23 PM

අසරණ සරණ අසරණ වෙලා... පව්... අද වැඩ වර්ජන කරන්නෙ ගුරුවරුන් විතරයි ද.. ඇයි ග්‍රාම නිලධාරී , පරිපාලන නිලධාරීන් , රේගු , විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය , ..... එිව පේන්නෙ නැති තරමටම අසරණ වෙලා... තොපි තමා රට විනාශ කලේ ... දැන් රටේ ඉතිරි වෙන්නෙ ඔය වගෙ වැදගත්කමක් නැති එවුන් විතරයි අන්තිමට ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
2024 ජුලි මස 05 145 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර අද ((5) රාත්‍රි පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා


අල්ලස් ගත් පොලිසියේ දෙකක් මාට්ටු
2024 ජුලි මස 05 87 0

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට බව පවසා රුපියල් ලක්ෂ 3 ක මුදලක් පළමුව ලබාගෙන එහි දෙවන කොටස වන රුපියල් 154,200/= ක මුදලක් කොළඹ අපරාධ කො


රනිල් මකුලෑවේ මහා නා හිමි බැහැ දකී
2024 ජුලි මස 05 173 1

නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මකුලෑවේ විමල රාමඤ්ඤ මහ


පියුමි තවත් පැටලැවිල්ලක
2024 ජුලි මස 05 1707 0

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජ


අනධ්‍යයන සේවකයන්ට දෙමසක වැටුප්- අතිකාල දීමනා
2024 ජුලි මස 05 650 0

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැව


ධීවරයකුගේ සිරුරක් යාපන වෙරළට ගොඩ ගසයි
2024 ජුලි මස 05 108 0

යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය අද (05) වේලනෙයි ප්‍රදේශයේ සුර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 690 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1645 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3529 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site