(කේ. බුද්ධික කුමාරසිරි)
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් බව කියන පිරිසක් අද (30) දින පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය නිරත වූහ.
අදාල විභාගය සම්බන්ධයෙන් ඇතිවූ තිබූ ගැටලුකාරී තත්ත්වය නිසාවෙන් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර අදාළ ප්‍රශ්න තුනක් සදහා සම්පූර්ණ ලකුණු ලබා දීමටත් යළි ශිෂ්‍යත්ව විභාගය නොපැවත් වීමටක් එම විද්වත් කමිටුවේ තීරණය කර තිබුණි.
මෙහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේදී ලබා දී තිබූ ප්‍රශ්න අටක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයන් වෙත ලැබී තිබූ බවට අදාළ සාක්ෂි සහිතව විභාග කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබියදීත් ප්‍රශ්න තුනක් ගැන පමණක් සඳහන් කරමින් කටයුතු කර ඇති බැවින් මෙය ඉතා අසාධාරණ තීන්දුවක් වන බැවින් යළි විභාගය පැවැත්වීමටත් එම ප්‍රශ්න පිටතටයි ලබා දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
කුසල් Monday, 30 September 2024 12:58 PM
ප්‍රශ්නේ තියෙන්නේ මෙනෙවිය ගත්තු තීරණය නිසා. හරි පරිණතයි කිව්වාට කොහේද පරිණත?
mahesh Monday, 30 September 2024 01:03 PM
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී කියන්නේ මේ වගේ ප්‍රශ්න වලට. නිකං හරි විභාගේ තියන්න තීරණය කලොත් තව සෙට් එකක් එයි බෝඩ් උස්සගෙන. බලමු අලුත් රජය මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා
lanka Monday, 30 September 2024 01:05 PM
විභාගේ ආයෙත් තියනවා නම් පේපර් එක පන්නපු උන්ගේ දේපල රාජ සන්තක කරලා වියදම පියවා ගන්න
රම්බොඩ Monday, 30 September 2024 01:34 PM
මිනිසුන්ට පිස්සු වැටිලා තියෙන්නේ . විභාගේ නැවත තිබ්බාම හොඳට ලියපු ළමයින් සේරම ෆේල් වෙනවා. දරුවන් ඕවා මතකේ.තියාගෙන ඉන්නෙ නෑ හැමදාම.
Jayasekara Monday, 30 September 2024 02:20 PM
කාටත් අසාධාරණයක් වෙලා නැහැ. ආයෙමත් මොකටද විභාග...? ළමයි ආයෙමත් මානසිකව පීඩා විඳිනවා. දෙමව්පියන්ටත් හොඳටම පිස්සු...