IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට තීන්දු කරමින් ඔහුට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් නොගෙවීමෙන් අධිකරණයට අපහාස කළ බවට නීතීපතිවරයා ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට චෝදනා පත්‍රයක් අද ඉදිරිපත් කළේය.

නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනු කළ අධිකරණයට අපහාස කිරීමේ නඩුව විභග කිරීමට තීරණය කළ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඔක්තෝබර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විනිසුරු මඩුල්ල ඔහුට සිතාසි නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නිමකර ඇතිදැයි සොයා බලන්නැයි ඉල්ලමින් මීට පෙර අවස්ථාවක මෝෂමක් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහත්වරුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා වින්දිතයින්ට වන්දි ගෙවීමට ඔවුන්ට නියම කෙරිණී.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් කෝටි 10ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් කෝටි 7 1/2 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි 05 ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා රුපියල් කෝටියක මුදලක් ගෙවීමට අධිකරණය නියම කළේය.

හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන 2019 ත්‍රස්ත ප්‍රහාරය විඳිතයන්ගේ ගිණුමට අදාළ වන්දි මුදල් ගෙවීමටද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතු`ථ වගඋත්තරකරුවන්ට නියම කර තිබිණී.

 



අදහස් (3)

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා

de silva Friday, 27 September 2024 12:49 PM

ඔච්චර ලොකු සැකයක් තිබෙනවා නම් අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්නේ මොකද? සැඟවුණු අමුත්තා රටින් පනින තුරු නම වසන් කරගෙන ඉන්න, පැන්නාට පස්සේ නම ප්‍රසිද්ධ කරන්න...!

:       7       2

අරවින්ද මොනරවිල Friday, 27 September 2024 01:54 PM

සිල්වා ආස ඉක්මනින් අත් අඩංගුවට ගන්නවටද, ඊට පස්සේ වැල්ලෙන් පුළුවන් නේද දේශපාලන පලි ගැනිම් කියලා හරි රණවිරු දඩයම කියලා හරි.එහෙම නම් හිතාගෙන ඉන්නේ සොරිම තමයි සිල්වා.......

:       1       3

සෙනෙවිරත්න Friday, 27 September 2024 02:29 PM

ඔව් ඡන්දේ අවසන් වනතුරු කිසිදු කෙනෙක් අත්අඩංගුවට ගන්න එපා, එතකොට විපක්ෂය මර්දනය කර ඡන්ද වලට යනවා කියන අවලාද අහන්න මේ රජයට ඉඩ තබන්න එපා, රැස්වීම්වල මොනවා කීවත් කල යුත්තේ නීතියට එකඟව,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 53 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 111 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 207 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 731 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 533 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 357 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site