(රන්ජන් කටුගම්පොල)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය අදාල චෝදනා වලින් ඇයව නිදහස් කිරීමට අද තීරණය කළේය.
තමා විසින් සිදු කරන ලද එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සහ මින් ඉදිරියට එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවට සිය නීතීඥවරයා මගින් ඇය අධිකරණය හමුවේ දුන් පොරොන්දුව ලබා දුන් සලකා බැලීමෙන් පසු ව මෙසේ හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කෙරිණි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පැමිණිල්ල සලකා බැලීණි.
අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා දන්වා සිටියේ තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට පොරොන්දුවක් ලබා දී එය සමථයකට පත් කර ගැනීමට විත්තිකාරිය සූදානම් බවට ඇයගේ නීතිඥවරයා විසින් තමන්ට දැනුම් දුන් බවය.
ඒ සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවද ඒ අනුව මෙම පෙත්සම විභාගය අවසන් කළ හැකි බවද නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතා එහිදී සඳහන් කළේ ගල්කිස්ස මහාධිකරණය විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් සිය සේවාදායිකාව විසින් සිදුකරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට ඇය සූදානම් බවය.
එසේම එම නඩුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට සිදු නොකිරීමට පොරොන්දුවක් ලබා දෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඒ අනුව හිරුණි ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය .
අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ත
පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබී
වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ
රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස්
ගමේ එකාලා Wednesday, 04 December 2024 04:52 PM
වෙන කේස් තියෙනවා.