(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවිම් සේවා කටයුතු සඳහා නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසීය.
ඉකුත් රජයේ සමයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට පමණ ඉහතදී එම කටයුතු වලින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත්කර රක්නා සමාගමේ ආරක්ෂක නිලධාරීන් වෙත පැවරිය.
මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය , දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව , කොළඹ පිටත වටරවුම් මාර්ගය , නව කැලණි පාලම හා සහ කොළඹ කටුනායක මාර්ගයන් හි වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 100 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට යෙදවීමටත් ඊට අමතරව මේ වන විට විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගය නව කැලණි පාලම ,කොළඹ පිටත වටරවුම් මාර්ගය හි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඒවා ආරක්ෂා කිරීම සඳහා 20 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යොදවා තිබේ.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරී
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අති
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අධිවේගයට යළිත් STF
ගුණරත්න Tuesday, 11 March 2025 01:22 PM
කලින් ආණ්ඩුව බල්ලාගේ වැඩේ ගොනාට දුන්න, දැන් ආණ්ඩුව බල්ලාගේ වැඩේ බූරුවාට දෙන්න හදන්නේ. කාටවත් තේරුමක් නැහැ නේ මේක බල්ලාගේ වැඩක් කියල? අධිවේගී මාර්ගයක ගලවාගනීම් කරන්න මොවුන්ට සුදුසුකම් තියෙනවද?