IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට

(එස් හේරත්)

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්අඩංගුවට ගත් බව  තොඩුවාව පොලිසිය කියයි.  

මාරවිල සිට හලාවත දක්වා වූ වෙරළබඩ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ අසල්වාසී මහජනතාවට පීඩා වන අයුරින් අධික ශබ්ද නගමින් අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කරන බවට  තොඩුවාව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහිත යාපා මහතාට ලැබුණ තොරතුරකට අනුව මෙම යතුරු පැදි සමග තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන තරුණයන් පිරිස මාදම්පේ නාත්තන්ඩිය සහ කිරිමැටියාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

මාරවිල සිට හලාවත දක්වා වැටී ඇති වෙරළබඩ මාර්ගයේ සති අන්තයේ දිනවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී අධික ශබ්ද නගමින් අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කිරීම ටික කලක සිට සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (2)

අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට

රම්බොඩ Monday, 28 October 2024 01:05 PM

යතුරුපැදි රාජසන්තක කරලා පොලිස් සේවයට ගත්ත නම් හොඳම දඬුවමක් .

:       0       4

මංජුල Monday, 28 October 2024 01:59 PM

එතකොට සංතෝසයිද?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු ක්‍රමවේදය සරසවි 5ක විෂය නිර්දේශයට
2024 ඔක්තෝබර් මස 28 3 0

පාර්ලිමේන්තු ක්‍රමවේදය විශ්ව විද්‍යාල පහක විෂය නිර්දේශයන්ට ඇතුළත් කරනු ලැබ ඇත.


දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා
2024 ඔක්තෝබර් මස 28 3 0

වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂය


මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක
2024 ඔක්තෝබර් මස 28 2 0

වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පි


මහඡන්දෙදී ජනතාව බුද්ධිමත් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 28 163 1

යම්කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍


‘‘අපේ අයට පුරුදු නැත්තේ හොරා කෑමයි‘‘
2024 ඔක්තෝබර් මස 28 52 0

ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට අලුත් අය වුවත් මේ කිසිවකු දේශපාලනයට අලුත් අය නොවන බැව් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා බද්දේගම දි පැවසි


අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 28 955 0

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 594 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site