(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දකුණ පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු වේදනා නාශක පෙති අධි මාත්‍රාවක් පානය කිරීමෙන් රෝගාතුරව කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආධුනික පොලිස් කොස්තාපල්වරයා වසරකට ආසන්න කාලයක් තිස්සේ දිගින් දිගටම ප්‍රධාන ගේට්ටුවේ රාජකාරිය යෙදවීම හේතුවෙන් ඔහු දැඩි මානසික අසහනයට පත්ව සිටි බව එම පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු විසි තුන් හැවිරිදි ඇල්පිටිය පදිංචිකරුවෙකි
එම කොස්තාපල්වරයා ඔහු පත්ව තිබෙන මානසිකව පීඩනය සම්බන්දයෙන් කුඩා පොතක මෙලෙස සටහන් තබා ඇතැයිද දැනගන්නට ඇත " අනෙක් අය ඇඳුම් ඇඳගෙන එහෙ මෙහෙ යනවා මම හැමදාමත් මෙතන, මට උදව් කරන දෙන්නයි ඉන්නේ යනුවෙන් ඔවුන් දෙදෙනාගේ නම් ලියා ඔහු මානසිකව පත්ව තිබෙන අසරණ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් සටහන් යොදා තිබියදී එම පොත නිදන ඇඳේ මෙට්ටය යට තිබී කොස්තාපල්වරයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව පොලිස් භාරයට හැකි වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු සේවයේ යෙදවීමේදී ඔහුට විවිධ අංශ සම්බන්ධයෙන් අවබෝධ ලබා ගැනීම සඳහා සේවයේ යෙදවිය යුතු බව පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ චක්‍රලේඛනයක සඳහන්ය
අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අධි මාත්‍රා වේදනා නාශක බී කොස්තාපල් රෝහලේ
ජයසිංහ Friday, 08 September 2023 01:47 PM
සාමාන්‍යයෙන් පත්වීම් ලබා මුල් අවුරුදු තුනක් පරිවාස කාලයක් තියෙනවා එම කාලයේ සේවයේ කටයුතු ඉගෙනීමට අවස්ථාව සලසා දෙන්න අවශ්‍ය වෙනවා... මොහුට පවරා තියෙන රාජකාරි අනුව ඔහුට එම අවස්ථාව නොලැබුණු බවක් පේනවා. ඒක ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියන්න පුළුවන්...!
P a an as kumarasiri Saturday, 09 September 2023 09:40 AM
වගකිව යුතු අයට දඬුවම් දෙන්න...