IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’ අනෙක් අය සපත්තු හොයන කොට මං සෙරෙප්පු දාගෙන ගියා’’

(අංජුල මහික වීරරත්න)

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් සෙරෙප්පු  දමාගෙන ගොස්  ආණ්ඩුව බාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර ඇතුලත  මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවද ජනාධිපතිවරයා කීය.

මෙම අවස්ථාවේ  සියලු දෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී  පැවති ජන හමුවකදී ය.

ජනතාවට දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වුවද තවමත් රට ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බව පැවසු ජනාධිපතිවරයා, එබැවින් දේශපාලනයෙන් තොරව රට ගොඩනැඟීම වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය. 

 



අදහස් (16)

’’ අනෙක් අය සපත්තු හොයන කොට මං සෙරෙප්පු දාගෙන ගියා’’

Perera Wednesday, 05 June 2024 10:15 AM

ජරාපක්ෂලා එක්ක එකතු වෙලා ප්ලෑන් ගහලා තව හදනවා මිනිස්සුන්ව රවට්ටන්න

:       41       58

NAMAL Wednesday, 05 June 2024 10:17 AM

චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය . ඒ එක්කම පුළුවන්නන් මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ? එක්ප්‍රෙස් පර්ල් නව්කාවේ වන්දියට මොනවද උනේ කියලත් පොඩ්ඩක් හොයලා බලමුද ? මේ ටික කරලා පස්සේ කතා කරන්න මයික් පැලෙන්න .

:       41       59

Chandarathna Wednesday, 05 June 2024 10:21 AM

දාගෙන ඉන්න සෙරෙප්පුවෙන් තමයි ඔහෙලා ඔක්කොටම මෙදා පාර දෙන්නේ

:       34       47

Saman Wednesday, 05 June 2024 10:25 AM

ඔබ ඔබේ දේශපාලන ගමන ආරම්භ කළේ මීට වසර දෙකකට පෙරද? ඔබ දශක 4ක පමණ කාලයක සිට මෙම කරළියේ සිටි අතර ඔබ ඔබගේ පෙර පාලන කාලයෙන් ඉවත් වන විට ශ්‍රී ලංකාව ණය බරක් බවට පත් වූ අතර පාස්කු දින සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ ඛේදවාචකය බව කවුරුත් දනිති. දැන් ඔබට තවත් වාරයක් අවශ්‍යද? නෑ අපිට බෑ, 2048 වෙනකම් ඉන්න බෑ

:       30       43

යක්දෙහිගේ Wednesday, 05 June 2024 10:31 AM

ජනාධිපතිතුමා කියපු කතාව දැක්කම මට අතීත කතාවක් මතක් වුනා .ප්‍රේමදාස ජනාධිපතිතුමා රැස්වීම් තියෙන වෙලාවට නිළධාරින්ට නියම කලා සම්පූර්ණ ඇදුමෙන් එන්න කියලා .ඒකට විරුද්ධත්වය පෙන්වූ එකල හිටපු විගණකාධිපතිතුමා ජාතික ඇදුමක් ඇදගෙන සෙරෙප්පු දාගෙන ගියාලු.ඉතින් සමහරුන්ට ඒක ගැන පූර්වාදර්ශයක් තියෙන නිසා ජනාධිපති වෙන්න සුදුසු ඇදුමක් නැතුව ධාවන තරගෙට යන්න නැතුව ඇති ( උපමාවකින් කිව්වොත් ඒ වෙලාවෙ රට තිබුනෙ නටන තෙල් කටාරමක් වගේනෙ .ඉතින් ගිනි සිසිල් කරන මන්තර දැනීම මදි අය තෙල් කටාරමට බහින්න බයවෙන්න ඇති. ඇත්තටම රටක් පාලනය කරනවා කියන්නෙ නටන තෙල් කටාරමකට බහිනවා වගේම වැඩක් තමයි )

:       13       30

චතුර Wednesday, 05 June 2024 10:46 AM

ඉතින් ඒ වෙලාවේ හිටපු පක්ෂ නායකයින්ට පුළුවන්, අනික් අය හදපුවා ගිනි තියන්න ලේසියෙන්ම...... කට උල් කර කර විවේචන කරන්න..... ලියුම් ලිය ලිය පස්ස ගහන්න... පුදුමේ කියන්නේ.. දැන් උන් තමයි වේදිකාවල මයික් පලන්නේ.. අරක කරනවා මේක කරනවා.... මේක කරලා තියෙන විදිය හොද නෑ.... මම හිටිය නම් මෙහෙමයි කරන්නේ.... හපොයි දෙය්යනේ උන්ටද පිස්සු නැත්නම් ඕව ගිහින් අහන් ඉන්න උන්ට ද පිස්සු......

:       11       19

Nimal Wednesday, 05 June 2024 11:35 AM

කොච්චර කරත් අපිට හැමදාම උරුම සෙරෙප්පුවම තමයි. සමහර අය සෙරෙප්පුත් නැතිව යන්නේ.

:       7       21

Rata Perata Wednesday, 05 June 2024 11:43 AM

බුද්ධිමත්ව සවන් දෙන්න...

:       3       20

de silva Wednesday, 05 June 2024 12:22 PM

ඔබතුමාට සෙරෙප්පු ඇතිව හෝ නැතිව ජනතාව ප්‍රතික්ෂේප කලට පස්සේ දොරෙන් පාර්ලිමේන්තුවට ඇවිත් හොරුන්ගේ ආශීර්වාදයෙන් අගමැතිවෙලා , ජනාධිපති වෙන්න පුළුවන් වුනාට , චන්දෙන් පැරදිලා විපක්ෂේ නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරුන්ට එහෙම එන්න පුරුද්දක් හෝ අවශ්‍යතාවයක් නැතුව ඇති ,

:       16       23

R.T. sarath Wednesday, 05 June 2024 12:30 PM

මිනිස්සු 69 ලක්ෂයක් ඡන්දේ දීලා ජනාධිපති කෙනෙක් පත් කරලා, ඊට පස්සේ අවුරුද්දේ පැහැදිලි බහුතරයක් සමග පොහොට්ටුවට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවේ පැහැදිලි දුන්නේ රට පාලනය කරන්න මිසක් වෙන මගුල් කරන්න නොවේ.. ජනාධිපති සහ පැහැදිලි බහුතරයක් තිබෙන පාර්ලිමේන්තුවක් තිබිලා පොහොට්ටුවට සහ රනිල්ට ආණ්ඩු කරන්න බැරිනම් ඒකට විසඳුම ඡන්දෙන් පැරැදිලා විපක්ෂෙට වෙලා ඉන්න සජිත්, අනුර ආණ්ඩුවට ගැනීම නොවේ. නැවත මැතිවරණෙකට ගිහින් ජනතාවට කැමැති නායකයින් පිරිසක් පත්කරගන්න ඉඩ දෙන එක...

:       4       16

Saman Wednesday, 05 June 2024 03:30 PM

අපි නම් දැක්කේ අරගලේ තිබ්බ යූ න් පී කූඩාරමේ ඉඳන් හෙළුවෙන් දුවගෙන ගියා වගේ...!

:       5       15

sene Wednesday, 05 June 2024 04:13 PM

ඕකම තමයි කියන්න තියෙන්නේ පව් දෙයියනේ, එක පචයෙක්ගේ ගෙදර තවත් මහා කියවන්නෙක්. අපිට නම් දැන් සෙරෙප්පුත් නැහැ.

:       3       10

ගමේ එකාලා Wednesday, 05 June 2024 04:41 PM

තමුන් කියපු කරපු දේවල් දිහා බැලුවාම ඉස්සරහට ඇඳුනුත් නැතුව තමා යන්න වෙන්නේ...!

:       5       10

සෙරෙප්පු Wednesday, 05 June 2024 06:23 PM

අලුත්ම සන්ධානයේ සලකුණ සෙරෙප්පුව...

:       3       10

Prabha Wednesday, 05 June 2024 09:32 PM

ඔය කියන ඡන්දේ නොතියා මම එන්නම් කියලානේ

:       0       2

de silva Thursday, 06 June 2024 12:12 AM

අරගල කාලේ ලිප්බෝක්කේ හැංගිලා හිටිය ඇමැතිලා දැන් චන්ඩි වගේ පිස්සු කෙලින විදිහට දිගටම නැටුවොත් , අනිවාර්යයෙන් මේක බලන් ඉන්න ජනතාව නැවත පාරට බැහැල නිතිය අතට අරන් පාර්ලිමේන්තුවේ 225 ටම ගහල එලවනවා , ඔබට එතකොට දුවන්න වෙන්නේ සේරෙප්පුත් නැතුව , කරුණාකර කෛවාරු ගහන එක මදකට නවතාල පිස්සු කෙලින අමතිලට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න .

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 3 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 261 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 102 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1384 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1642 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site