IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අනතුරක් කළොත් රජයට ගාස්තුවක්

 

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

අනතුරුවලට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට  යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි. 



අදහස් (16)

අනතුරක් කළොත් රජයට ගාස්තුවක්

සුරලොව ඇල්මන් Friday, 12 November 2021 06:39 PM

ඒ කියන්නේ පසුගිය සතියේ බාල වයස්කාර කොල්ලා මිනීමැරුමක් කරලා ලොකු අනතුරක් කළා වගේ ඒවාද? නැත්නම් පාඨලී පසුපස පැමිණ පස්සෙන් හප්පා ඉදිරියේ වාහන හිමිකරු අත් අඩංගුවට ගැනීම වැනි දේද? නැත්නම් වාහනය අලුත්වැඩියාව සඳහා රක්ෂණයෙන් ලැබෙන මුදල් ගසාකෑමක්ද? පැහැදිලි මදි අපරික්ෂාකාරීව රිය පැදවීම වමෙන් ඉස්සර කිරීම වැනි ඒවාටත් ගාස්තුවක් අය කරන්න. හැබැයි පළාත් වෙනස් වෙනවිට පිට පළාත් වාහන පසුපස පන්නා විත් වාහන අල්ලා පොලිස් නිලධාරින් කරන දඩගැසීම් ක්‍රමය අහෝසි කරන්න..

:       9       52

Nuwan Friday, 12 November 2021 06:45 PM

රට හොරාකාලා දැන් මිනිස්සුන්ගේ සාක්කුවේ තියෙන සතේටත් විදින්න යන්නේ...!

:       35       38

අඹසරනේ අසරණයා Friday, 12 November 2021 07:14 PM

රජයට අයකරන ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කරන්නට පුළුවන්ලු. එතකොට රක්ෂණයේ ප්‍රිමියම් එක නිකන්ම රක්ෂණ ආයතන වැඩිකරනවා. වාහනය හැප්පුණත් නැතත් අපි රක්ෂණ ආයතන වලට නිකං ගෙවනවා. මීට වඩා හොඳයිනේ රක්ෂණය මේකට ගාව ගන්නේ නැතිව කෙලින්ම රජයට ගාස්තුව කපාගත්තා නම්...

:       2       34

ChinthakaSaturday, 13 November 2021 09:29 AM

ඔබේ කියමන හරියට හරි... මේකෙන් වෙන්නේ රක්ෂණ වාරිකය වැඩිවෙන එක විතරයි...

:       0       1

Nuwa Friday, 12 November 2021 08:40 PM

අනතුරක් කළොත් කියන්නේ හිතාමතා අනතුරු කරන අයත් ඉන්නවාද...? කොහොම වුණත් කමක් නෑ වතුර ටික රත් වෙනකල් කකුළුවා දිය කෙළීවි..

:       6       22

චන්දන Saturday, 13 November 2021 07:09 AM

පාරෙ යනකොට පේනවා නේද? සමහරු කියන්නේ වැඩිදුර යන එකක් නැහැ කියලා. බස්, ට්‍රක්රථ, ත්‍රීවීලර්, මෝටර් බයිසිකල් විශේෂයෙන්ම.. සමහර මෝටර් රථත් යනවා පිඹගෙන... මාර්ග නීති ගැන හිතන්නේ නැතිව... අන්න එයාලට හොඳ පාඩමක්... හැබැයි රක්ෂණයෙන් අයකිරීම නම් හරි නැහැ. ප්‍රීමියම් එක වැඩි කරනවා ෂුවර්...

:       0       0

Praba Friday, 12 November 2021 08:49 PM

වෙන කාගෙ හරි වැරැද්දකට හැප්පුවත් අපි ආණ්ඩුවට සල්ලි දෙන්න ඕනෙද? යකාගේ වැඩක්නේ...

:       3       27

සඳුන් Friday, 12 November 2021 09:00 PM

තමන්ගේම වාහනයක් නඩත්තු කරන සාමාන්‍ය ජනතාව ගැන මේ හැම ආණ්ඩුවකම මුදල් ඇමතිලාට තියෙන්නේ හරිම අමාරුවක්... ගහන්න තියෙන හැම බද්දම ගහලා සතේටම හින්දවනවා. අන්න තියෙනවා අයිතිකාරයෙක් නැති මාලිගාවක් මල්වානේ... ඒක රාජසන්තක කරලා බජට් එකට දාගන්නකෝ බැසිල් මහත්තයෝ.

:       3       30

AmarasingheSaturday, 13 November 2021 02:29 PM

සහතික ඇත්ත... මේ අය නම් පුදුම කාලකණ්ණි ජාතියක්... මේ අයට නිකන් වගේ වී8 හම්බ වෙනවා... තෙල් එක්ක. අපි මේ දහදුක් විඳලා සොච්චමක් හම්බකරලා පොඩි වාහනයක් තියාගෙන ඉන්නේ හදිසියකට අසනීපයකට වගේ දේකදී විතරයි පාවිච්චි කරන්නෙත්... පවතින අමතර කොටස් හිඟය සහ තෙල් මිල නිසා... අපිව මරන් කාපල්ලා එකපාරම... ඉවරයිනේ...

:       0       0

piyal Saturday, 13 November 2021 04:15 AM

අනතුරු යනු සිතාමතා කරනා දේවල් නොවේ. කා අතිනුත් වියහැකි දේවල්. ඒ නිසා තමයි රක්ෂණය කියලා එකක් ලෝකයේ තියෙන්නේ... රක්ෂණයටත් දායක වෙලා තව අනතුරක් වුණොත් සල්ලි ගන්න රටක් කොහේද තියෙන්නේ? කවුද මේවා යෝජනා කරන්නේ? “අනතුරු“ කියන එකේ නිර්වචනය කියවා බලන්න. ඉස්කෝලවල මේවා උගන්වනවා...

:       0       0

dasa Saturday, 13 November 2021 06:13 AM

මේ කිසි ගෙවීමක් අපිව මරාගෙන කන දියවන්නාවේ හොරු රළට අදාළ නැහැ...

:       0       0

ase Saturday, 13 November 2021 08:52 AM

අනතුරු වළක්වා ගැනීමේ පනතින් සිදුවන්නේ මේ දේමනේ, තවත්...?

:       0       0

Akila Saturday, 13 November 2021 02:47 PM

විහිලු කරන්න එපා... එතුමාගේ බුද්ධියේ හැටියට තමයි ඕක හදල‍ා තියෙන්නේ...!!! 

:       0       1

වසන්ත හෙට්ටිආරච්චි Saturday, 13 November 2021 05:04 PM

වැරැදිකරු කව්ද කියා සොයා ගැනීම වැදගත්. අනතුරක් වළක්වා නොගත්තා යන කරුණ පදනම්කරගෙන දෙදෙනාම වැරදි කරුවන් කිරීම තමයි පොලීසියේ බොහෝ විට ප්‍රතිපත්තිය. නතර කරලා තිබුනු වාහනයක හැප්පුවත් එම නතරකර තිබූ වාහනයේ තිරිංග, සිග්නල් ලයිට් බලනවා. එය විකාරයක්. Traffic වල නතරකර තිබූ වාහනයක පිටුපසින් මෝටර් සයිකලයක් ඇවිත් හප්පලා මොටර් සයිකල්කරු රෝහල් ගත කළොත් වාහනය පොලීසියේ තබාගෙන වාහනකරුවත් රිමාන්ඩ් කරන්න බලනවා. පොලිසිය ගැන විශ්වාසයක් තබන්න බැහැ. තවද පොලීසියේ රථවාහන නිලධාරින්ට දැනුම දීලා තිබෙනවා මදියි. පස්සර රිය අනතුරේ 45% වැරදිකරු ටිපර් රථයේ රියදුරුයි. 45% RDA. 10% ක් බස්රථයේ රියදුරු. ඉදිරියෙන් රථයක් ආවත් නාවත් ටිපර් රථයේ රියදුරු තත්පර 3ක් වම්පැත්තේ තම රථය අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. ඉන්පසු පාර පැහැදිලි නම් දකුණට ගෙන හැකිපමණ ඉක්මනින් වමට ගත යුතුයි. මා දැනුවත් වී ඇතිපරිදි ජාත්‍යන්තර නීතිය එයයි. බස්රථයේ රියදුරු ඉතා වේගයෙන් ආවත් ඔහුගේ මාර්ගය ඔය ආකාරයට ටිපර් රථයේ රියදුරුට අවහිර කරන්න බැහැ...

:       0       0

අප්පුහාමි Monday, 15 November 2021 06:25 AM

මේ අදහස ඉතාම නිවැරදියි ජාත්‍යන්තර නීතී අනුව ලංකාවෙ පොලිසියේ සිටින නිළධාරිනුත් විශේෂයෙන් රථවාහන පොලිස් නිළධාරින් පුහුණු කල යුතුය පාසැලේදී දරුවන්ටද රථවාහන නීති පිළිබඳ අධ්‍යාපනය දියයුතුය

:       0       0

BamunuarachchiMonday, 15 November 2021 08:13 AM

කවුරු වැරැද්ද කළත් අනතුරක් සිදුවුණොත් ඒ ගැන පරීක්ෂා කරන්න රජයට වියදමක් යනවා... ඒ වියදම් බර වක්‍රව එන්නේ ජනතාවට... එම නිසා ඒ වියදම අනතුරු කරගත්ත මිනිස්සු ගෙවිය යුතුයි. එ්ක සාධාරණයි. කටාර්වල රියාල් 250ක දඩයක් ගහනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 215 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 282 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 339 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 263 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 312 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3026 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25022 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site