(ඩයනා උදයංගනී)
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2020 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් තුනක් සහ සම්මාන සහතිකයක් හිමිකරගෙන ඇත.
යාපනය හින්දු විද්‍යාලයේ අභිනන්දන් අරුලන්තම්, නුගේගොඩ ලයිසියම් අන්තර්ජාතික පාසලේ සයුනි මලවිගේ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ නිරූෂි ධනපාල යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහිදී ලෝකඩ පදක්කම් දිනාගත් අතර විශේෂ කුසලතා සහතිකයක් දිනාගනු ලැබුවේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිති මුණසිංහ ශිෂ්‍යාවයි.
මෙවර ජීවවිද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියට රටවල් 62 ක සිසු සිසුවියෝ සහභාගි වී සිටියහ.
මෙම තරඟාවලිය මුලින් ජපානයේ හිරෝෂිමා නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබුණද කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා එය අන්තර්ජාල විභාගයක් ලෙස පැවැත්වුණු බව ජාත්‍යන්තර ඔලිම්පියාඞ් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයෙක් ලෙස සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පැවසීය.
ඒ අනුව ජපානයෙන් ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අගෝස්තු 11-12 දිනවල ශ්‍රී ලාංකික සිසු කණ්ඩායමක් ද මෙම තරඟයම සම්බන්ධ වූ බව මහාචාර්යවරයා සඳහන් කළේය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක්
Raveendra Wednesday, 26 August 2020 03:57 PM
පුතේ දුවේ නුබලාට යහපතක්ම වේවා...!!! තමන් උපන් තමන්ගේ මව්බිමට කීර්තිය මෙන්ම යහපතක් කිරීමට ඔබලාට තව තවත් අවස්ථාව උදාවේවා...!!!
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 27 August 2020 03:33 AM
" ජාතිය කුලය ආගම එක වෙයි අපට ... නැණ නුවණින් පිරුණු දරුවෝ එති පෙරට ... දිරියෙන් වෙර වඩා කළ හොඳ මෙහෙවරට ... ජාතිය පුද කරයි ගෞරව නුඹෙ නමට ... "