IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අනතුරින් තරුණිය මරුට: තවත් තුනක් රෝහලට

 

( විමුක්ති සංජය පෙරේරා )

මහියංගණය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය රජමහා විහාරස්ථානයට නුදුරින් ඇලෑවේල ප්‍රදේශයේදී අධික වේගයෙන්  ධාවනය කළ  මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබු ත්‍රීරෝද රථයක පිටුපස ගැටීමෙන් සිදුවු අනතුරින්  තරුණියක මියගොස් තවත් තිදෙනකු රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

මරණයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද 12 කණුව ඌරණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් හිමන්ෂි සෙව්වන්දි (24) හැවිරිදි අවිවාහක තරුණියකි.

එම තරුණිය බැලීම සඳහා  අද (16) මනාල මහතෙකු  නිවසට පැමිණීමට නියමිතව තිබු අතර එම අවස්ථාව සදහා නිවසට අවශ්‍ය බඩු රැගෙන ඒම සදහා තම පියා මව සහ නැගණිය සමඟ මහියංගණය නගරයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබු අනෙක් තුන්දෙනාගේ තත්වය බරපතල බවත් 15 හැවිරිදි දැරියක් බදුල්ල මහා රෝහලට මරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.



අදහස් (4)

අනතුරින් තරුණිය මරුට: තවත් තුනක් රෝහලට

Marikkar Sunday, 15 September 2024 10:59 AM

මෙවන් ව්‍යසනයක් තුරන් කිරීමට වෙනත් ක්‍රමයක් නොවේද? මේ දැරියගේ තත්ත්වය ඉතා ශෝචනීයයි. මොනවා කිව්වත් මොනවා කළත් කසාද බඳින්න ඉන්න මේ අහිංසක කෙල්ලට පණ දෙන්න කිසිම ශරීරයකට බැහැ. මෙම ව්‍යසනයට මගක් සොයා දෙන ලෙස මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. මෙම ආපසු හැරවිය නොහැකි ජීවිත හානිය පිළිබඳ පවුලේ අයට අපගේ හෘදයාංගම ශෝකය...

:       0       19

Nimal 1 Sunday, 15 September 2024 11:40 AM

මේ නොහික්මුණු ක්‍රියා නිසා අහිංසක ජීවිත කීයක් නිකරුණේ විනාශ වෙනවද?

:       1       58

pakeer Sunday, 15 September 2024 01:49 PM

අසරණ ජීවිත...

:       0       45

ජය Monday, 16 September 2024 09:13 AM

ඉතාමත් කණගාටුයි දැඩි දඩුවම්මේ දිය යුතුයි අනතුරු කරන උන්ට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 278 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5361 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 893 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4304 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3869 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2501 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16907 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site