(ජයවර්ධන දිසානායක සහ සමන් කේ. ගමගේ )
මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයේ ඒ නවය මාර්ගයේ 101 කිලෝමීටර් කණුව ආසන්නයේ දී හවස සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා මියගොස් මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මරදන්කඩවල පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මිදිවත්ත, යොවුන් ගම්මානයේ පදිංචි දෙදරු පියෙකු වන හතලිස් දෙහැවිරිදි පී.ඩබ්. බංඩාර නැමති අයෙකි.
අවුරුදු නෑගම් ගොස් නැවත තම නිවස වෙත යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියට පිටු පසින් පැමිණි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසූ මියගොස් ඇති අතර පසුපැදිකාරියන් වූ මිය ගිය අයගේ බිරිඳ හා දියණිය බරපතළ තුවාල ලබා සිටීම නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත. කාන්තාවගේ තත්වය බරබතල බව රෝහල් ආරංචි මාර්ග කීය.
මෝටර් රථයේ රියැදුරු ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූවකු වන අතර මෝටර් රථය සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අධික වේගය හා බීමත් ලෙස රිය ධාවනය අනතුරට හේතූ වී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බව ද පොලිසිය කීය. සැකකාර රියැදුරු අද (17) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .
මරදන්කඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංඛ දිසානායක මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
බළපිටිය අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අනතුරින් දෙදරු පියා මරුට