(බිමල් ශ්‍යාමන් ජයසිංහ,බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.නන්දන)
අවිස්සාවේල්ල පුවක් පිටිය තුම්මෝදර ඉලුක් පිටියේ ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු එතනම මරුමුවට පත් වී කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ හෝමාගම පොලිසියට අනුයුක්ත හංවැල්ල උප ඒකකයේ පොලිස් සැරයන් 39086 ධර්මසිරි නැමැති නිලධාරියෙකි.
තුවාල ලබා ඇත්තේ කසුන් නමැති කොස්තාපල්වරයෙකි.
මියගිය සැරයන්වරයා කොස්තාපල්වරයා සමඟ රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස සිමෙන්ති ලොරිය ඉදිරියට එනු දැක යතුරුපැදිය මාර්ගයේ අයිනට කර නතර කර ඇති අතර ඒ සමගම ලොරිය යතුරු පැදියේ ගැටී එයත් සමගම අසල බෑවුමෙන් ඇළ මාර්ගයෙන් පහළට වැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුර ස්ථානයේම සැරයන් වරයා මියගොස් ඇති අතර කොස්තාපල්වරයාගේ පාද දෙකට බරපතළ තුවාල සිදුවී තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්
කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි
අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (
ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනතුරින් පොලිස් සැරයන් මරුට
Suranga Monday, 29 July 2024 03:37 PM
අනතුරක් සහිත වාහනයක් ඉදිරියට එනවා නම් යතුරු පැදිය අයිනේ නවතාගෙන සිටීම මරණය වෙන්න හේතුවක් වෙනවා හරියටම අවුරුද්දකට පෙර කිරිඇල්ලේ පොලිසිය අසලදී තරුණ යුවලක් අකාලයේ මියගියේද කාළකණ්නි ඩිපෙන්ඩර් රියදුරෙකුගේ නොහික්මුණු ගතියපාමින් වැරදි මංතීරුවේ ගමන් කිරීම කරද්දී යතුරු පැදිය මග අයිනේ නවතාගෙන සිටීම නිසා තමයි