(සුජිත් හේවාජුලිගේ )
අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මන්දිරයේදී හෙට (2) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
යෝජනාවලිය එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට දැනටමත් බාර දෙනු ලැබ ඇත.
අන්තර්වාර පාලනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ බවත් අන්තර්වාර පාලනය සියලු පක්ෂවලින් සැදුම්ලත් එකක් විය යුතු බවත් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
අන්තර්වාර පාලනය ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සකස් වන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් ජනපති මන්දිරයේදී පසුගිය 29 වැනිදා පැවැත්විණ.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තර්වාර පාලනයට තවත් පිරිසක් කැඳවයි
Kumara Monday, 02 May 2022 02:05 AM
කියන දෙමළ තේරෙන්නේ නැද්ද? මකබෑවිලා යන්නයි කියන්නේ...