(ඉන්දිකා රාමනායක,සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සභාපති අමිල සංදීප,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම දෙදෙනාට අමතරව සෙසු පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෑන් රථවලින් කොළඹට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඔවුන් පිරිස් ප්‍රවාහනය කළ වෑන් රථ 3 ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පහක් අත්අඩංගුවට
රංජන් Friday, 06 August 2021 06:15 AM
මුදලිගේ කොලුවාට වෙන්නේ සෑහෙන කාලයක් කල්දේරම් බත් කන්නයි....
Raveendra Friday, 06 August 2021 06:57 AM
හුරේ......අඬ අඬ ඉන්න මග බලා හිටිය "අන්තරේ ඉන්න බුරු අන්දරේලා" වන අපගේ ඇස්වලට මිරිස් කුඩු ටිකක් දැමීම පිලිබදව දියවන්නාව පට්ටියේ හරකුන්ට අපගේ ස්තුතිය පල කරන්නෙමි.අපගේ වටිනා කාලය අපටම කාදමමින් මහජනතාවට ඉතාමත්ම අවහිර, කරදර වෙන ලෙස පාරේ කෑමොර දෙමින් දියව්...දියව්....අත නොතබනු ( වෙන ඕනදෙයක් තබනු ) ලෙස නිවට රස්තියාදුකාරයන් ලෙස හැසිර්මට මෙය මහගු අවස්ථාවකි....අප බය නැත අප පිටුපස රතු හැට්ට ඇදගත් අයියලා මෙන්ම උගත් පුතානෝද සිටිති.....
Raveendra Friday, 06 August 2021 07:02 AM
අපගේ උද්ගෝෂණ වලට පෝස්ටර් අදින පබයන්ගෙන් එක පබයෙක්වත් අඩුවෙනවාට අපකැමති නැත. එබැවින් මේ අහිංසක සරසවි සිසුන් වහාම නිදහස් කරනු..... මීට "ගොන් පුතා"........
Gunapaala Friday, 06 August 2021 07:12 AM
නියමයි අලල්ලා හැම ගහලා යවනන්ද
සමිත සේනක අලුත්ගමගේ. Friday, 06 August 2021 08:22 AM
ලොව කිසියම් රජයක් උපරිම පාලන බලය යොදමින්, තම දරදඬු පාලනයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරතවන්නන්ගේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගැන කිසිඳු තැකීමක් නොකර ඔවුන් දඩයම් කිරීම කරයි නම් ඒ රජය හෝ රජු ප්රජාතන්ත්රවාදී සම්ප්රදායක් මුල්කරගත් පාලන ක්‍රමයක් අනුගමනය නොකරන බව නොකියා නොහැක්කේය. එම රජු හෝ රජය වටා සිටින නීතියේ මුර බල්ලන් හා රජු හෝ රජය විසින් කරනා හොඳ හෝ නරක එලෙසින්ම අනුමත කරනා බුද්ධි හීන උන්මත්තකයින් සත්‍යය අවබෝධ කරගන්නා තෙක්, එම රජු හෝ රාජ්‍යය රටවාසීන්ට වැඩදායක නොවන්නේය...
මහීල් Friday, 06 August 2021 09:29 AM
මේ ගොල්ලන්ට නම් ඇප ලැබෙයි. උසාවියෙන් නිදහස් වෙයි. හැබැයි පොලිස් රාජකාරිය කළ නිලධාරියාට නම් ඇඟිලි ලැබෙන්නේ නෑ.
ranjith Friday, 06 August 2021 09:51 AM
උද්ඝෝෂණවලට වඩා පොදු ප්‍රවාහනයේ ගමන් කරන විදිහ අවදානම් නැතිද? ඒවා කවුරුවත් බලන්නේ නෑ. බස්වල මගීන් පටවන විදිහට මේ රට කොරෝනාවලින් වැනසෙන ලකුණු තමයි පේන්නේ....
දිලාන් Friday, 06 August 2021 10:11 AM
කුහකම දේශපාලන පක්ෂයේ බළල් අත් වෙන මේ සෙට් එක ඇප රහිතවම ඇතුලේ තියන්න. හැමෝම දන්නවා කොතලාවල පිඨයට සිසුන් බඳවාගන්නේ උසස්පෙළින් ඉහළම ලකුණු ලබන අනුපිළිවෙලට කියලා. එහෙම නැතුව අර සයිටම් එකේ වගේ S3 කට නෙමෙයි. ඉතින් රටේ සල්ලිත් තියන දෙමව්පියන් තමන්ගේ සුදුසුකම් තියන දරුවන්ව කොතලාවල පීඨයට ඇතුළත් කරලා උපාධියක් අරන් දෙන එක වරදක්ද? එහෙම අවස්ථාවක් නැත්නම් මේ දෙමවුපියන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න තෝරාගන්නේ විදේශීය විශ්ව විද්‍යාලයක්... ඒවාට ගෙවන්නේ රුපියල් නෙවෙයි, ඩොලර් වලින්... රටේ සල්ලි ටික අර විදේශීය විද්‍යාලවලට ඇදෙනවා. කොටින්ම අපේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මොත් ඒවායේ උගන්වන අපේ රටේම උගත් ආචාර්යවරු කීයකට නම් ආර්ථික සවියක් ලැබෙනවාද? අද උසස් ආයතනවල වැඩිපුරම ඉන්නේ විදේශීය උපාධිධාරීන්. මේ සෙට් එක උද්ඝෝෂණ කළ යුත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියලා නෙමෙයි. හැම නගරෙකම නියමිත ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න කියලා...
RaveendraFriday, 06 August 2021 02:54 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. අවාසනාවකට මේ තමන්ටවත් වැඩක් නැති රටටත් උපන්දා සිට බරක්වී සිටින මේ කාලකන්නි හැත්ත උපදිනකොටම අනුන්ට කරදරයක් ලෙස ජිවත් වෙමු යන අවාසනාවත්න පාඨය නළලේ කොටාගත් පරයන් පිරිසකි. මුහුණටම හරියන විපක්ෂේ ඉන්න බූරුවන් මග බලා සිටින්නේ කොයි වෙලේ අන්තරේ ඉන්න අන්දරේලා ඇඳලා දෙන පෝස්ටර් එල්ලාගෙනද උද්ඝෝෂණය කරන්නේ...
Krishan Friday, 06 August 2021 10:27 AM
පළාත් අතර සංචරණය තහනම් නම් ඒ ඒ පළාත් සීමාවන්ගේ මුර කපොලු වල ඉන්න පොලිස් නිලධාරීන් සංචරණ සීමා ඉක්මවමින් යන්න දුන්නේ ඇයි? මුලින්ම දඬුවම් කරන්න ඕනෑ.. ඒ ඒ සීමාවන්වල සිටි පොලිස් නිලධාරීන්ට.. අනික මිනිස්සු කොළඹ ඉඳලා අනුරාධපුර, බදුල්ල, මාතර, කතරගම ආදි ප්‍රදේශවලට ගියේ නැද්ද? අාවේ නැද්ද? එ්වාට පොදු ප්‍රවාහනය භාවිතා කලේ නැද්ද? හොයලා බලන්න උද්ඝෝෂණය කිරීම් ආදිය මේ දිනවල හොඳ දෙයක් නොවේ කොරෝනා පැතිරීමට හොඳ අවස්ථාවක් එය පාලනය කළ යුතුයි. එ්කට දඬුවම් කරන්න ඕනෑ.. නමුත් අහුවුණු කෙනා පළාත් අතර සංචරණ සීමා කඩකලා කියලා චෝදනා ගොනු කිරීම සාධාරණ නැහැ... ඊට වඩා එ්වා කඩකළ නිසා එ්වා දිහා පොලිසිය බලන් හිටියා... එ්කයි..
L.G.P.Jathunarachchi Friday, 06 August 2021 10:40 AM
ඒ ඔක්කොම ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබපු අයයි.
BamunuarachchiFriday, 06 August 2021 06:52 PM
කලින් හිටියේ තූත්තුකුඩියේද?
SUNIL MILANO Friday, 06 August 2021 01:36 PM
වුවමනා දේටයි, එපා දේටයි... උද්ඝෝෂණ පවත්වන්න මේ එළොවටත් නැති, මෙලොවටත් නැති ශිෂ්‍යභාවය අහෝසිකොට සිරගත කළ යුතුයි.
බමුණු.Friday, 06 August 2021 02:59 PM
සුනිල් ට තියෙන්නේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි වීමේ මානසික පීඩාව.එසේ යාමට නොහැකි උනත්,බොහෝදෙනා නොතේරෙන දේ වටහා ගන්නට හෝ උත්සාහ කරනවා.ඒ අතින් සුනිල් ඒ දේවත් වටහාගෙන නැහැ.
BamunuarachchiFriday, 06 August 2021 07:06 PM
හලෝ ඔහේ දන්නවාද විශ්වවිද්‍යාල වලින් එන්නේ කව්රු හරි යටතේ හොඳ රස්සාවක් කරන්න. රස්සා සපයන්නේ විශ්වවිද්‍යාල ගිය අය නොවෙයි. ලංකාවේ මහා පරිමාන බිස්නස් කරන්නේ ව්‍යාපාර කරන්නේ කවුද කියලා දන්නවා නේද? ඒ ගොල්ලෝ විශ්වවිද්‍යාල ගිහිල්ල නැහැ.
චින්තක Saturday, 07 August 2021 08:46 AM
මේ "අන්දරේලා" ඉගෙනගන්නේ මහජන මුදලින්... කරන්නෙම මහජනතාවට කෙළවෙන වැඩ. ඇත්තටම දැන්නම් අපිට හිතිලා තියෙන්නේ අපේ බදු මුදලින් මේවගේ අන්දෙරේලාට උගන්නනවාට වැඩිය රටේ සියලුම විශ්ව විද්‍යාල පෞද්ගලික කරලා දැම්මා නම් ඉවරයි කියලා. එතකොට අඩුම ගානේ ඉගෙනගෙන රටට වැඩක් කරන්න ඕනෑ කියලා හිතෙන අයවත් විශ්ව විද්‍යාලයට එයිනේ...
kamal Friday, 06 August 2021 02:06 PM
කරුණාකරලා රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ ගොල්ලන්ව එක්කයන්න හංගපු ආයුධ පෙන්නන්න.
Bamunuarachchi Friday, 06 August 2021 07:13 PM
විශ්ව විද්‍යාල වලට ගියේ ඉඳගෙන ගන්නම් අපේ බදු මුදලින් නුඹලා ඉගෙන ගනිල්ලා. නුඹලාගේ උපදෙස් අරගෙන නොවෙයි විශ්ව විද්‍යාල පිහිටෙව්වේ... එහෙනම් විශ්ව විද්‍යාල පිහිටවපු අයට ඒවායේ වෙනස්කම් කිරීම අයිතිය තිබෙනවා... නුඹලාට ඉගෙන ගන්න බැරි නම් පව් නොදී අයින් වෙලා යන්න. මුදල් ගෙවලා ඉගෙන ගන්න යන ළමයින්ට ඔය ප්‍රශ්න එකක්වත් නැහැ...