IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අනතුරු තුනකින් තිදෙනෙක් මිය යති

(බී.ජී. චතුරංග )

අනුරාධපුර, කැකිරාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශවලදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

ඊයේ 20 රාත්‍රී 9.10ට පමණ, රඹෑව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම උත්තර සාලිය විහාරස්ථානයේ ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් එම විහාරස්ථානය ඉදිරිපිට වෙළඳ සැලක් පවත්වා ගෙන යමින් කුලී වෑන් රථ රියදුරෙක් ලෙස කටයුතු කල පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි. 

මෙලෙස ජීවිතයක් ජීවිතක්ෂයට පත්ව  ඇත්තේ, පලුගහමුල කඩේ, යාපනය පාර පුලියන්කුලම,  අනුරාධපුර  ලිපිනයේ පදිංචිව සිටි එච්. ටී.ඩබ්ලිව්. සිසිර ජයලත් නමැති 65 හැවිරිදි පුද්ගලයෙකි. 

එම විහාරස්ථානය දෙස සිට මාර්ගය වම් පස දෙසට මාර්ගය හරහා පාගමනින් ගමන් කරමින් සිටියදී, බට්ටා වර්ගයේ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ එම වෙළෙඳ සැල් හිමියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී බාහිර රෝගී අංශයේදී ජීවිතක්ෂයට පත් වූ බවද පොලිසියේ වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර  යාපනය ඒ 12 මාර්ගයේ  ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව, ඇගේ පියා මව සහෝදරයා තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වහමල්ගොල්ලෑව, යාය 5 ප්‍රදේශයේ පදිංචි එම. මෙතුලිකා නමැති 12 හැවිරිදි දැරියකි. 

අනුරාධපුර දෙස මැදවච්චිය දෙසට ඉන්ධන රැගෙන ධාවනය වූ බවුසර් රථයක් සහ මැදවච්චිය දෙස සිට රඹෑව දෙසට ධාවනය වූ ත්‍රිරෝද  රථයක් එකි නෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

ත්‍රී රෝද රථයේ ගැටුණු  තෙල් බවුසරය මාර්ගයේ ඉවතට  පැන උඩු කුරුව පෙරලි ගොස් තිබූ අතර ත්‍රිරෝද  රථයේ ගමන් කල එම දියණිය ජීවිතක්ෂයට පත්ව පියා බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.‍කැකිරාව  පොලිස් වසමේ, උසාවි හන්දියේදී  සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කැකිරාව සුධර්මාරාම පාර, පදිංචිව සිටි  නාගහ මුල්ලේ ගෙදර ගුණරත්න නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.

 

 

 



අදහස් (0)

අනතුරු තුනකින් තිදෙනෙක් මිය යති

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1529 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1335 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2084 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2399 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 566 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35896 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site