අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 365ක් පිරුණි. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට අවිනිශ්චිත දින ගෙවා දමමින් සිටියද ශ්‍රී ලාංකේය සමාජය ආධ්‍යාත්මිකව ඒකාත්මික වෙමින් ආගමික උම්මත්තක අන්තවාදීන්ගේ බෝම්බ පිපුරුම් මැද අකාලයේ මරු වසඟයට පත් ජනයා අනුස්මරණය කළහ.
අප පුවත්පත සිය මුල් පිටුවේ සේයාරුවක් සමගින් වාර්තා කළ ප්‍රවෘත්තියක සඳහන් වූයේ කොළඹ ගංගාරාමයේ පාස්කු සැමරුම් පින්කමක් පැවැති බවය. බෙල්ලන්විල රාජමහා විහාරය ඇතුළු ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්ථානවලම පාස්කු සැමරුම් පින්කම් පැවැති බව වාර්තා කළ අප පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අනෙකුත් ආගමික ස්ථානවලද පාස්කු සැමරුම් පූජා පැවැති බවය. ඒ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානවල පැවැති පාස්කු ප්‍රහාර සැමරුම් පුද පූජාවලට අමතරවය.
පාස්කු ප්‍රහාරය ක්‍රිස්තියානි ආගමිකයන් හා විදේශිකයන් ඉලක්ක කර ගනිමින් සිදු කළ බව බෝම්බ පුපුරවා හැරීමට තෝරාගත් ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලිය. එහෙත් කිසිවකු හෝ එම ප්‍රහාරය එක් ආගමික උමතුවකින් පෙළෙන අන්තවාදීන් පිරිසක් තවත් ආගමක් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයක් වශයෙන් හඳුනා නොගත්හ. ඒ වෙනුවට එම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් ලෙස ඉතාම නිවැරැදිව හඳුනා ගත්හ. එහෙයින්ම ඔවුහු අවුළුවාගත් මහා මිනිස් අනුරාගයකින් යුතුව කම්පනයට පත් වූහ. විපතට පත් ජනයා සමඟ අත්වැල් බැඳ ගත්හ. කවර ආකාරයක හෝ උම්මත්තක අන්තවාදයකට ඉඩ නොදිය යුතුය යන බලගතු අධිෂ්ඨානය මවු පොළොවෙන් පොදුවේ මතුවිය. මේ රටට අවශ්‍යම වී තිබූ ජාතික ආගමික සංහිඳියාව පාස්කු ප්‍රහාරයත් සමඟ නව වටයකින් රළ ගසා පෙරට පැමිණියේ එහෙයිනි.
ලෝකය පුරා ගැටුම්, යුද්ධ බල කාමයේ ප්‍රතිඵලයක් විනා අන් යමක් නොවේ. රටකට අදාළවද එය එසේමය. එහෙයින්ම විවිධ ගැටුම්, යුද්ධ විවිධාකාරයෙන් නිර්මාණය වේ. රටක ජිවත්වන ජනයා එම ගැටුම් හා යුද්ධවල පහසු ගොදුරු බවට පත්වන විට එම තත්ත්වයම උපයෝගී කර ගන්නා බලකාමීහු තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගනිති. ඒ වෙනුවෙන් පෙනුමෙන් වෙනස්, තමන්ගේ යැයි නොපෙනෙන බළල් අත්ද බලකාමීහු නිර්මාණය කර ගනිති.
පොදු මහජනයා එක පොකුරට එක පවුලක් මෙන් කටයුතු කරන්නේ නම් බලකාමීන්ට එය බාධාවකි. එහෙයින් ඔවුහු විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් එම ජනයා බෙදා වෙන් කරති. ඇතැම් විට ඒ ජාතිකත්ව පදනමින් විය හැකිය. නැතහොත් ආගමික පදනමකින් විය හැකිය. එසේත් නොමැතිනම් පළාත් භේදය වුව යොදා ගත හැකිය. කුල මල ප්‍රශ්න මුල් කරගෙන ගැටුම් ඇවිළී ගිය බවට උදාහරණ ඕනෑ තරම් ලෝක ඉතිහාසයෙන් උපයා ගත හැකිය.
ජනතාව බුද්ධිමත් විය යුත්තේ ඉහත පරිසරයට යටත්වය. තමන් ඉදිරිපිට මහා පරිමාණ බොරු වළවල් හාරා ඇති බව ජනතාව තේරුම් ගෙන එම වළවල්වල නොවැටී සිටීමේ ප්‍රඥාව දියුණු කරගත යුතුය. කළු ජුලිය හරහා අප රටට සිදුවූ හානිය අති මහත්ය. එය ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි මහා කළු පැල්ලමකි.
එක් අතකින් අප රටේ බහුතරයක් ජනයා බුද්ධිමත් වෙති. කළු ජූලියෙන් ඉගෙන ගත් පාඩමට අනුව යමින් ප්‍රභාකරන්ගේ මළ කඳ සොයා ගත් දිනයේදී එම විජයග්‍රහණය සැමරුවේ කිසිදු දෙමළ වැසියකුගේ සිතක් නොරිදෙන පරිද්දෙනි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව වුවද අපගේ ජනයා මනා සංයමයකින් අවබෝධයකින් කටයුතු කළහ. එසේ නොවුණේ නම් එම ගිනි දැල් නිවා දැමීමට සෑහෙන තරමේ කාලයක් ගතවනු ඇත.
පොදුවේ බෞද්ධ විහාරස්ථානවලත්, අන්‍යාගමික ස්ථානවලත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරමින් ආගමික කටයුතු සිදු කිරීම තර වෙමින් පවතින ආගමික සහජීවනය තව තවත් සවිමත් කිරීමකි. අප කවර භාෂාවක් කතා කළද කවර ආගමක් ඇදහුවද කවර දේශපාලන හෝ සමාජ මතයක් දැරුවද අපි මූලික වශයෙන් මනුෂ්‍යයෝ වෙමු. එකිනෙකා අතර ඇති අවියෝජනීය බැඳීම එම මනුෂ්‍යත්වයම විනා අන් යමක් නොවේ.
කොරෝනා මාරාන්තික වයිරසය නිහඬව මානව සමාජයට උගන්වන පාඩමක් තිබේ. එනම් මරණයට විශේෂත්වයක් නැති බවය. එයට බාධා නැති බවය. මහ පොළොව මත උපදින මිනිසා මහ පොළොව මත ජීවත් වන මිනිසා අවසානයේදී මහ පොළොවේ හතර රියනක උරුමය ලබා අවසන් ගමන් යයි. හිස් අතින් ඉපදෙන අප මිය යන්නේද හිස් අතින්මය. ජීවිතය සහ උපත හා විපත අතර ඇති පටු තීරය පමණි. එහෙයින් මනුෂ්‍යත්වය රැකගෙන ජීවත්වීම හැර අන් විකල්පයක් මිනිසාට නැත. ආගමික සංහිඳියාවෙන් කුළු ගැන්වෙන අර්ථය එයම විනා අන් යමක් නොවේ.
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අන්තවාදයට පා පහරක් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම
Raveendra Friday, 24 April 2020 05:35 PM
අන්තවාදය පිලිබදව කතුවැකිය මගින් ඉතාමත්ම හොද විග්‍රහයක් කර තිබුනත් " අන්තවාදයට පා පහරක් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම " යන වාක්‍ය පිලිබදව යමක් සදහන් කිරීමට කැමැත්තෙමු. මෙම අන්තවාදය තාවකාලිකව " ඥානය පාවිච්චි කර ඉතාමත්ම හොදින් පරිසරයට අනුවර්තනය වුවා පමණි ". හොදින් පරිසරයට අනුවර්තනය වුවා යනු අනිකාට එකවර හදුනාගැනුමට අපහසුවුවා පමණි. එබැවින් මෙම " වල්ඌරු පරපුරේ අක්මුල් හබාගොස් ගලවා පුළුස්සා දැමීමෙන් " යම්තාක් දුරට සැනසීමක් ගැන සිතීමට හැක. එබැවින් අප අපගේ සිත් රවටා ගෙන ඉදිරි අනාගත පරපුරට හිගන්නාගේ තුවාලය විදවීමට ඉඩ දෙනවාද යන්න සියලුම වගකීම් සහිත ඒ ඒ ආයතන සිය දහස්වර සිතිය යුතුය..