(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ අනාතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ ආචාර්යවරයකු හා ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු වන බළපිටිය සිරිසේන මාවත පදිංචි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා නමැති පනස් හය හැවිරිදි තිදරු පියෙකි.
පෞද්ගලික නිවසක පැවති උපකාරක පංතියකින් සිය දියණිය රැගෙන නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී ක්‍රියා විරහිතව නතර කර තිබූ බස් රථයක ගැටී මේ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මේ අනතුරින් තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ දියණිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය කියයි.
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක්
ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහ
රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) ප
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ ඒකකයක් පිහිටුවා අ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අනතුරින් ගාලු බාලදක්ෂ කොමසාරිස් මරුට
සමීර ශාන්ත Saturday, 13 May 2023 11:00 AM
අනේ මගේ සර්. දෙවියෙක් වගේ ගුරු පියාණන් කෙනෙක්. මා දකින ලෝකයේ හොඳම ගුරුපියාණන් ඔබයි... ආදරණීය ගාමිණී ගුරුපියාණනි...! අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ සිසුන්ට ඔබ තාත්තා කෙනෙක් වගේ. සිසුන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, වාහන, මුදල් ඔබ වැය කළා. කෘෂිකර්ම විෂය, පරිසර නියමු භට, බාලදක්ෂ, සෙන්ජෝන් ගිලන්රථ, හස්ත සංඥා කණ්ඩායම්, ආදි විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට නායකත්වය දුන්නා. එකවරක් ඔබ වාහන අනතුරක් වෙලා කකුල කැඩිලා ගෙදර හිටියා. එත් ඔබට පාසල් දරුවන් නොදැක ඉන්න බැහැ. ඔබ බාලදක්ෂ කඳවුරක් ගෙදර ඇතිකරලා ළමයින්ට කන්න බොන්න දීලා මාසයක් බාලදක්ෂ ක්‍රියාකාරකම් ඉගැන්වූවා. තමන්ගේ දරුවන් වගේ අනිත් දරුවන්ට සැලකුවා. නායකත්ව ගුණාංග කියලා දුන්නා. ඔබ සිටින අවධියේ එකදිගට වර්ෂ ගණනාවක් ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඔබේ බාලදක්ෂ කණ්ඩායමෙන් ඔබ බිහිකළා. සමාජ සේවා රැසක් ඔබ අතින් ඉටු වුණා. රැයක්, දහවලක් නැහැ පාසලේ ගතකළා.. අනේ සර් මොකද වුනේ මේ... 2005 වර්ෂයේ දී බලපිටිය කොට්ඨාසයේ ප්‍රථම ජනපති බාලදක්ෂයා ඔබ බිහි කළා... ලබන ආත්මයෙත් මගේම ගුරුපියාණන් වෙලා එන්න සර්...!
Bunny Preena Saturday, 13 May 2023 12:33 PM
කණගාටුදායක පුවතක්... සමහර දෙමව්පියන්ට රෑට නින්දට යනකන් දවස පුරාම වැඩ. රටේ වෙන දේවල් දැක්කාම දෙමව්පියන් තම දරුවන් තනියෙන් උපකාරක පන්තිවලට යවන්න අකැමැතියි. නතර කර තිබූ වාහනයක ගැටී මිය ගියා කියන්නේ, එතකොට මෙතුමාට නින්ද ගියාවත්ද? නැතිනම් හෘදයාබාධයක් හැදුණාවත්ද? ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
ලුම්බිණි Saturday, 13 May 2023 05:40 PM
ඉතාම කණගාටු දායකයි...!
රන්ගන Saturday, 13 May 2023 07:12 PM
සර්... හොඳ කෙනෙක්. හොඳ ගුරුවරයෙක්. හොඳ මනුස්සයෙක්. මමත් පාසල් කාලේ ඉතා ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. නිවන්සුව පතනවා සර්ට. අවාසනාවන්ත සමුගැනීමක්...!