IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අනතුරින් තුවාල ලැබූ සියා පාළු තැනක දමා ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලැබූ අසූතුන් හැවිරිදි පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ලොරි රථයේ පටවාගෙන ගොස්, පාළු ස්ථානයක අතහැර දමා යෑමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පූගොඩ පොලීසිය පවසයි.

පූගොඩ පැපිලියාවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයා අතරමග අතහැර දමා පලා ගිය බව කියන ලොරි රථ රියැදුරා හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේ සිටියදී එදිනම සැකපිට අත්අඩංගුවට ගත් බව පූගොඩ පොලීසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

තුවාල ලැබූ තැනැත්තා අතරමග දමා නොගොස්, ඒ මොහොතේම රෝහල කරා කඩිනමින් රැගෙන ගියේ නම්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වන්නට තිබිණි යැයි ද එම නිලධාරියා පැවැසීය.

පොලිස් විශේෂ කාර්යාංශයේ ගම්පහ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත අධිකාරම් මහතාට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන පවත්වා, සැකකාර රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් කණ්ඩායමක් සැකකරුගේ නිවෙස සොයා යන විටත් ඔහු මෙම අනතුරෙන් හානියට පත්වූ ලොරිය පිළිසකර කරමින් සිට ඇතැයි පොලීසිය කියයි.

ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ, පැපිලියාවල මැණික්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි, පියරත්න මංචනායක නමැත්තෙකි.

 



අදහස් (3)

අනතුරින් තුවාල ලැබූ සියා පාළු තැනක දමා ගිහින්

ඉන්දික Sunday, 10 December 2023 09:46 PM

මේ වගේ උන්ට මිනීමැරීමේ චෝදනා දාල ජිවිතන්තය දක්වා හිරේ යවන්න ඕන. නැතිනම් උන් ඇප අරන් නිදහසේ ජිවත් වෙනවා එළියේ. ලංකාවේ නිතිය ඕවට කෙලින් තීරණය ගන්න ඕන

:       0       3

Perera Monday, 11 December 2023 05:36 AM

මෙහෙම එවුන්ගේ වාහන රාජසන්තක කරලා රථ වහාන මිනී මැරුමක් (motoring manslaughter) සේ සලකා එල්ලා මරලා දැමිය හැකි පරිදි නීති සකස් විය යුතුයි

:       0       1

senarath Monday, 11 December 2023 08:56 AM

අනේ මෙහෙම පව් කාරයෝ .මිනිස්සු අතින් වැරදි වෙනවා ,ඒ උනාට මේ සීයව ගිහින් මෙහෙම වැටිලා හිටියා කියලා රෝහලකට භාර දුන්නා නම් ඉවරයිනේ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 534 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1798 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site