IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


අනතුරු දෙකකින් හතරක් මරුට

(කාංචන කුමාර අරියදාස සහ ඉන්දික අරුණ කුමාර)

බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ  ප්‍රකට පරිසරවේදියෙකු වන  තිලක්  කන්දේගම මහතාගේ බිරිඳ වන විශ්‍රාමික විදුහල්පතිනි ලක්ෂ්මි සිරිවර්ධන (72) මහත්මිය සහ  ඔහුගේ  සොබාදහම ගොවිපලේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි  ධනුෂ්ක නැමැති සිසුවෙකු බව‍ පොලීසිය කියයි.

එමෙන්ම තුවාල ලබා  ඇත්තේ ඉංජිනේරුවරියක් වන කන්දේගම මහතාගේ දියණිය පොලිසිය කියයි.

නාඋල දෙසින් ඇළහැර දෙසට මෝටර් රථය  ධාවනය වෙද්දි රියදුරුට  ඉදිරි වංගුවක   රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග සංඥා කණුවක් ද කඩාගෙන යෝද ඇළට මෝටර් රථය පෙරළී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .

 මේ අතර නාඋල - බකමූණ මාර්ගයේ මොරගහකන්දේදී  කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු  මියගොස් ඇතැයි පොලිසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිවව සිටි ජේ. ඒ. නිශාන්ත උදය කුමාර(47) සහ ආර්.එම්.සංජීවනි දිල්රුක්ෂි (41) නමැති අඹු සැමි යුවලකි.

ඩිමෝ බට්ටා රිය පැද වූ රියදුරු නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්   කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටසිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

 

(යෝධ ඇළට මොටර් රිය පෙරැළි සිදු වු අනතුරෙහි  ඡායාරූප  - කාංචන කුමාර ආරියදාස )



අදහස් (0)

අනතුරු දෙකකින් හතරක් මරුට

ඔබේ අදහස් එවන්න

 

දියත

රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 126 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 197 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


හිටපු මැති ඇමැති 43කගේ නිවාස වන්දිවලට එරෙහිව පෙත්සමක්
2025 මාර්තු මස 11 81 0

‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරී


කීර්ති පැස්කුවල්ගේ නම විකුණු අය අල්ලන්න
2025 මාර්තු මස 11 100 0

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අති


සිගරට් තොඟයක් සමඟ කොස්තාපල් අත්අඩංගුවට
2025 මාර්තු මස 11 202 0

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරයෙක් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුව


දරුවා මියගියේ රෝහලේ වරදින්නම් සැකකරුවන් අල්ලන්න
2025 මාර්තු මස 11 129 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය වෛද්‍යවරයාගේ හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිදු වූ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 195 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 191 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site