(ගයාන් සූරියආරච්චි)
මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා අනියම් බිරිය කනත්තට කැදවාගෙන ගොස් පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන අනියම් සැමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි හතලිස්පස් හැවිරිදි වෙළෙද සේවිකාවක බව කියයි.
මියගිය කාන්තාව සැකකරු සමග වසර 8 ක් පමණ අනියම් සබදතාවය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව සැකකරු තවත් කාන්තාවක් සමග මිත්‍රවී ඇය විවාහ කරගැනීමට සිට ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
පසුව සැකකරු සහ අනියම් බිරිය අතර මතභේද හට ගෙන තිබූ අතර සිද්ධිය වූ දින සැකකරු අනියම් බිරිය සමග තම මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා ගුරුනගර් ප්‍රදේශයේ සුසාන භූමියක් තුළට ගොස් ඇති අතර එහිදී අනියම් බිරියගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.
එහිදී සිරුර ගිනි ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ අනියම් බිරිය යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු විසින් පෙට්‍රල් දමා ගිනි තැබූ බවට පොලිසියට පවසා ඇති බව පොලිසිය කියයි.
වහාම ක්‍රියාත්මක වූ යාපනය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, රෝහල පාර පදිංචි ආරක්ෂක නිලධාරියකු (40) බව පොලිසිය පවසයි.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනියම් බිරියට පෙට්‍රල් දමා ගිනි තියලා