IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අනුර ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

(මුදිතා දයානන්ද)

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස අද (06) නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය. 

මෙම ආයතනය ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.

අනතුරුව මෙම නියෝජිත කණ්ඩායම ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (යුනික් අයිඩෙන්ටිෆිකේෂන් ඔතෝරිටි ඔෆ් ඉන්දියා) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවකද නිරත විය.

අනතුරුව ඊයේ (06) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයෝ අහමදාබාද් නගරය බලා පිටත්වූහ.



අදහස් (13)

අනුර ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ලලිත් Tuesday, 06 February 2024 05:48 PM

ඉස්සර බස් ගිනිතියලා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා රට විනාශ කරපු මේ ඉන්දීය විරෝධීන් ඉන්දියාවෙන් ආපසු එන්නකෝ ඔය කෝට් බෑයයි, අනික් ඇඳුම් ටයි අයින්කරලා ආවොත් තමයි හොඳ....

:       116       27

Prabha Tuesday, 06 February 2024 05:49 PM

සජිත් පුතේ, අතින් වියදම් කරන් දඹදිවවත් ගිහින් එන්න. සෙකන්ඩ් වෙන්න එපා... ඔය 88/89 බස් පුච්චපු අයට...!

:       46       36

මැක්ස් Tuesday, 06 February 2024 05:57 PM

ඉන්දීය බීඩි බිව්වොත් කට කැපීම, පලා බබා අපට එපා, ඉන්දියානු පරිප්පු වර්ජනය, ඉන්දීය ව්‍යාප්ත වාදය, නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදෙව්, ත්‍රිකුණාමල තෙල්ටැංකි ඉන්දියාවට නොදෙව්, සාම්පූර් බලාගාරය අපට එපා වැනි සටන් පාට විසිකර දමා අනුර සහ සමාගම පැමිණ ඇති දුර! අවස්ථාවාදය කලාවක් නම් එහි පිකාසෝ ජෙප්පෝය. ජයවේවා!

:       90       29

Dasa P Tuesday, 06 February 2024 06:20 PM

මේවා දැක්කාම හොරුන්ගෙන් යැපෙන අයට සෑහෙන ප්‍රශ්න. පරණ අදහස් වල එල්ලිලා ඉන්නේ නැතිව ලෝකයාට විවර වෙන එක තමයි අද කාලෙ වෙන්න ඕනේ... සුබ පැතුම් සහෝදරයා.

:       17       124

Nishantha Edirisinghe Tuesday, 06 February 2024 06:27 PM

අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති... ඉන්දියාව එය ස්ථිර බව දැනගෙන අවසන්...!!!

:       31       145

NimalTuesday, 06 February 2024 07:17 PM

අනුර ලංකාවට පැමිණි පසු ඉන්දියාව සමග ලංකාව ඇතිකරගෙන ගිවිසුම් පිළිබඳ කුමක් කියාවිද? ඉන්දියානු මාධ්‍ය ඔවුන්ව හඳුන්වා දුන් ආකාරයට ඔවුන් NPP නොව Marxism–Leninism is a communist ideology දේශපාලන පක්ෂයකි...

:       10       29

අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 06:32 PM

රටේ වෙන දේශපාලකයෙක් මේ සංචාරක ගියා නම් ඒක විනෝද ගමනක් හරි ව්‍යාපාර ගමනක් හරි කර ගන්නවා. ජ.වි.පෙ. නියෝජිතයින් ඒක තමන්ගේ දැනුම වර්ධනය කර ගනිමින් ඒ දැනුමෙන් අනාගතයේ රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්න උනන්දු වෙනවා. ඒකත් මේ රටේ ප්‍රධාන යයි කියාගන්නා පක්ෂවල නායකයින් හා ජා.ජ.වේ. නායකයින් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් වලින් එකක්...!

:       28       146

pakeer Tuesday, 06 February 2024 08:52 PM

රෝ සංවිධානයට යමක් දැනිලා වගේ...

:       1       5

Lansa Wednesday, 07 February 2024 08:17 AM

මෙයා කොහොමද ඔය මිනිස්සුත් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරන්නේ...?

:       1       1

කරුණාරත්න Wednesday, 07 February 2024 08:22 AM

හිටපු පාලකයින්ගේ සම්පත් ලබා ගනිමින් රට පාලනය කළ (1971-1978) උගන්ඩාවේ ඉඩිඅමින්ගේ (කුරීරු හා අන්ත ජාතිවාදී) ඇඳුමෙන් ජනතාව රැවටීම පහසු වුවද පාලනයේදී ජාත්‍යන්තරවාදී වීම සෑම පක්ෂයකටම අනිවාර්ය බව... මෙවැනි ක්‍රම මගින් ඡන්දයට පෙර පෙන්වාදීම ගැන IMF සහ ඉන්දියාවට මෙන්ම මෙවැනි පක්ෂවලටද ස්තුති වන්ත විය යුතුයි. නැත්නම් ඉඩි අමින්ට හා උගන්ඩාවට (අප්‍රිකාවේ මුතු ඇටයට) වුන දේම තමයි. (සරලව IMF, අදානි, හොර සල්ලි හොයා ගන්නා හැටි... ගැන පෙර කී කථා)..

:       1       0

cw Wednesday, 07 February 2024 11:35 AM

ලංකාවට ආවාට පස්සෙ මොනව කියන්නද? ගොළුව හීනයක් දැක්ක වගේ තියෙයි.

:       7       4

Gamini Wednesday, 07 February 2024 12:03 PM

බලා වැලපෙන ,නෙලාගනු බැරි ,ජනපති සිහිනේ

:       7       4

සෙනෙවිරත්න Wednesday, 07 February 2024 01:34 PM

ඉන්දියානු ව්‍යාප්තවාදය සහ ආර්ථික සහයෝගිතාවය කියන්නේ දෙකක්, ප්‍රේමදාස පවා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වුණා.. අසල්වැසියාට නිවටවීම සහ සහයෝගය දෙකක්, තමන්ගේ නායකයෝ කරනකොට ඒවා හොඳයි... මොනවා වුණත් මේකෙන් රිදිච්ච අයගේ සහචරයෝ මොනවා කිව්වත් අනුර තමයි නියත ජනපති...!

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 97 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 778 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 623 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 338 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2564 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 946 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site