IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අනුර බෞද්ධ, හින්දු ආගමික නායකයෝ අතර හමුවක්

(ආරීයරත්න රණබාහු)

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ බෞද්ධ සහ  හින්දු ආගමික නායකයෝ හමුවූහ.

ඒ අනුව වැල්ලවත්ත ගාලු පාරේ පිහිටි  මහා සංඝ සභා ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති  මාගල්ලේ නාගිත මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝරත්නය එහිදී බැහැදැකීමෙන් අනතුරුව උන්වහන්සේලා සමඟ පිළිසඳරක ද යෙදුණහ.

අනතුරුවබම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් (Sri Manika Vinayagar) කෝවිලේදී  හින්දු පූජකතුමන්ලා හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා සංඝරත්නය සමග මෙන්ම පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ සහ ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගි විය. 



අදහස් (11)

අනුර බෞද්ධ, හින්දු ආගමික නායකයෝ අතර හමුවක්

saman Priyantha Saturday, 17 August 2024 02:58 PM

මිනිසුන්ට අතීතය අමතක නැහැ, ඔවුන්ගේ දරුවන්ට ඉඩදෙන්නේ නැහැ නොකටයුත්තක් වෙන්න. මේ රටේ තිබෙන්නේ බෞද්ධ සංස්කෘතියක් එය කවුරුත් පිළිගන්නවා. එයට ගරහන ආගම අබිං ලෙස සලකන කෙනෙක් කොහොමද ජනාධිපති වෙන්නේ...?

:       48       164

ANURA ROME Saturday, 17 August 2024 03:00 PM

අනේ අනේ මේ අයට ගිය කලක්. අපිට ආගමක් නැහැ. කියපු අයගේ ලැජ්ජා නහර කපලාද මේ ඉන්නේ...? කෝ මේ අයගේ රෙදි අපූල්ලන අපතයින් ටික. ලැජ්ජයිනේ. පව් අනේ...!

:       46       122

Chandhima Saturday, 17 August 2024 03:19 PM

ඇයි මේ අනුරට හදිසියේම පන්සල්, පල්ලි, කෝවිල් මතක් වුනේ? කිසිම ආගමක්, දහමක් නැතිවනේ හිටියේ. බලයට එන්න තමන්ගේ යථාර්තය හන්ගාගෙන රඟපෑමක් නේද කරන්නේ? එක දෙයක්. ආගමක් නැති, ආගමකට ගරු නොකරන මිනිස්සු ගාව විනයක් නෑ. හැදියාවකුත් නෑ...!

:       41       101

මැක්ස් Saturday, 17 August 2024 04:12 PM

විලි ලජ්ජා නැතිකම අනුර කුමාරටත් වඩා ලොකුයි කියන්නේ ඕකනේ. අනිත් අය පන්සල් පල්ලි යනකොට විවිධ කතා කියපු ජේවීපී වහල් හමුදාව දැන් මීක් නැහැ. ඒ වගේම එතුමන්ලා දැන් ජනපතිවරණයට කාර්ය බහුල වී නිසා මෙවර නුවර පෙරහරට සමාජ මාධ්‍යයේ ගැරහීම් නැත්තටම නැති තරම්...!

:       28       70

සරත් Saturday, 17 August 2024 04:25 PM

බලය වෙනුවෙන් තමන්ගේ යථාර්ථය හන්ගාගෙන පන්සල් යන්නේ ආගම් එපා කිව්ව කෙනෙක්. අනුර ජනාධිපති විය යුතුයි කියන මිනිස්සුන්ට වගේම අනුරටත් මුල මතක නෑ. කප්පම් ගත්තු ඒවා, අත පය කට කපපුවා, මිනීමරපුව මතකද? ඒ අනුරලාගෙ අතීතය. අද ස්ටේජ් උඩදී තග දාලා කතා කරන්නේ ඒ පරණ පුරුද්දට...

:       29       69

සෙනෙවිරත්න Saturday, 17 August 2024 05:44 PM

ආගම අබිං කලේ මෙතෙක් කල් තමන්ල චන්දෙ දීල පත්කරපු පාලකයො මිස අනුර නෙවෙයි,

:       76       19

තීරණාත්මක ඡන්ද කඩා ගැනීමේ උපක්‍රම Saturday, 17 August 2024 07:37 PM

සමීක්ෂණ වාර්ථා අනුව බෞද්ධ බහුතරය ඡන්දෙ දෙන්නේ සජිත්ටද අනුරටද කියන එක තීරණය කරලා නෑ. ඒක ගන්න එකා තමයි දිනන්නේ. ඒ කියන්නේ මේ වතාවේ තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද. ඒකයි ඔය. පන්සලෙන් එළියට බහිනකොටම පිරිත් නූල කඩපු එකාට එක පාරටම බෞද්ධ බැතියක් ආවේ ඒකයි. නැත්තන් මේකා මීට කලින් පන්සල් ගියපු එකෙක්ද? එයාගේ ඇම්බැට්ටයො එලි පිටම බෞද්ධයින්ටයි, බුදු දහමටයි හරහපු කාලකන්නි හැත්තක්. වරෙන්කෝ දෙන්න උඹලාට.

:       10       6

ලසන්ත Saturday, 17 August 2024 07:52 PM

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලේ හාමුදුරුවන්ටත් බුදුන් වඳින්න තහනම් කරපු සිසු විරුවෝ හිටියේ මොවුන් එක්ක. හැමදාම උද්ඝෝෂණ වලට හාමුදුරුවන්ට තෙල් ගහලා එක්ක ගිහින් පොලීසියට තග දැම්මේව්වේ මේ අය. බුකිය පුරා හාමුදුරුවන්ට අපහාස වන ඒවා වැපිරුවේ මොවුන්... අරගල කාලේ හාමුදුරුවන්ට දානේ වත් දෙන්න එපා කිව්වේ මොවුන්.... අමනයෝ. ඔයාට ඒවගේ සාපෙන් ගැලවෙන්න බෑ...

:       0       0

සෙනෙවිරත්න Saturday, 17 August 2024 08:25 PM

රටේම මිනිස්සු කියන්නෙ ආගම දේශපාලනයට ගාවන්න එපා කියල මිසක් පන්සල් පල්ලි වලට යන්න එපා කියල නෙවෙයි ,මෙතන අනුරට ගරහන අය තමයි අත්දෙකේ කඹ වගේ පිරිත් නූල් වලට රැවටිිලා හොරු රජ කෙරුවෙ. ගමේ අය අද හරි තැන ඉන්නව වරෙල්ලකෝ ආගම පෙන්නල කඹ වගේ නූල් බැඳගෙන ඡන්දෙ ඉල්ලන්න.

:       5       14

sudharma liyanage Sunday, 18 August 2024 04:46 AM

ජවිපය ඔබලත් රනිල් ජනාධිපතිතුමා යස අගේට අනුගමනය කරමින් මෙන්න ආගමික නායකයෝ හමුවෙන්න යනවා. අයියෝ සිරිසේන ඔබලාගේ මාක්ස්වාදය නිරාගමිකයි නේද? ඔබලා කවදද ආගම් වලට සැලකුවේ... අපේ ජනාධිපතිතුමාගේ උතුම් සිරිත් විරිත් ඉගෙන ගත්තාට ඒ මනුස්සයාට අඩුම ගානේ ස්තුතියි කියලාවත් කියන්න. තව ඔබලා ඉගෙන ගන්න ඒ මනුස්සයාගෙන් දහසක් දේවල් තියෙනවා. ඒවත් ඉගෙන ගනිල්ලා ඔබලා වලපල්ලට යන්න ඉස්සෙල්ලා... කළගුණ සලකන්න.

:       0       0

අශාන් Sunday, 18 August 2024 05:41 AM

ඔවුන් කවදාවත් කියලා නෑ ආගම වැරැදියි කියලා. ඔවුන් කියන්නේ ආගම දේශපාලනික කරන්න එපා කියලා. ආගමික නායකයින්ගෙන් ආශිර්වාද ගැනීම සාමාන්‍ය දෙයක්. ඔයාලා නොදන්නවා වුණාට අනුරලා ආගම සමග සිටින මිනිස්සු. හැබැයි පරණ හොරු වගේ ඡන්ද ගන්න බොරුවට ආගම බදාගෙන ඉන්න අය නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 32 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 374 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 408 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 2988 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 143 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 750 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22014 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21816 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site