IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අනුර මහානායක හිමිවරු බැහැදකියි

(ආරියරත්න රණබාහු )

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ  අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහ නායක වර්කාගොඩ ශ්‍රී ඥානරතන යන මහානායක හිමිවරු හමුවූහ.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ  ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්ත මහතාද එක්ව සිටියේ.



අදහස් (12)

අනුර මහානායක හිමිවරු බැහැදකියි

පිටරැටියා Friday, 16 August 2024 07:26 PM

ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...!, අපේ රටට යහපතක් කිරීමට සියලු ශක්තිය දහිරිය ලැබේවා. ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා...!

:       189       87

G ajith Friday, 16 August 2024 08:23 PM

මේ දවස්වල දේශපාලඥයෝ පෝලිමේ මහා නායක හාමුදුරුවරු බැහැ දකින්න යනවා. හරියට අර අවුරුදු දවස් වලට නෑදෑයෝ නෑ ගම් යනවා වගේ...

:       0       103

මැක්ස් Friday, 16 August 2024 08:43 PM

ඔබතුමා විසින් අනෙක් අපේක්ෂකයන් සම්බන්ධයෙන් නාම යෝජනා දිනයේදී පෙන්නුම් කරන ලද සුහදතාව ඉතා හොද සුබ ලකුණකි. එය ඔබගේ ගෝල බාල රෑනට ද කියා දිය හැකි නම් අගනේ ය. ඔබට අපගේ සුබ පැතුම්!

:       4       1

Banda Friday, 16 August 2024 08:45 PM

ඔව්. කයියනායකලත් මහනායකලා හම්බවෙන එක හොඳයි කොහොමත්. ඒත් ඔය කරුණු නොදැන අලුත් ඡන්ද තියෙන තරුණ පිරිසයි, ඒ කාලේ ජ.වී.පෙ. කැරැල්ල පිහිටෙන් පිටරටවල් වලට පැනගත්තු කණ්ඩායමයි ඇරුණාම සාමාන්‍ය ජනතාව නම් ඔහෙලාට ඡන්දෙ දෙන්න තීරණය කරලා නැහැ. ඔය කයියනායකලා වෙනුවෙන් වැඩියෙන්ම සමාජ මාධ්‍ය තුළ කෑගහන්නේත්, දැනටමත් ආණ්ඩු පිහිටුවලා ඉවරයි වගේ... ජනතාව තුළ බොරු සමාජ ගත කරන්නේත්.., එදා ගෝඨාභය වෙනුවෙන් කඩේ ගිය , චිත්‍ර ඇන්ද අයම මිසක්, වෙන කවුරුත් නෙමේ. ජ.වී.පෙ ට මේ ආත්මෙට මේ රටේ ආණ්ඩු පිහිටුවන්නත්, පිහිටෙව්වත් කරගෙන යන්නත් ඉන්දියාව වගේ රටවල් කීයටවත් ඉඩ නොදෙන බව ඔය හැමෝම දැනගත්තොත් හොඳයි.

:       0       88

Prabha Friday, 16 August 2024 09:04 PM

කවුරු ගියත් එකම තැටිය වාදනය කරන්නේ... කොහොම වුණත් අනුර එනවාට නම් කැමැති නැති වෙයි.

:       0       67

Ekanayaka Friday, 16 August 2024 09:50 PM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක...! ​

:       64       3

අනුර ඉන්දුදේව Saturday, 17 August 2024 12:14 AM

අනුර කුමර දිසානායක සහෝදරයා මනාප වැඩි ඡන්ද ලක්ෂ 20 දිනනවා... ඒකාන්තයි ජයවේවා...!

:       65       4

kamal Saturday, 17 August 2024 01:12 AM

දේශපාලනය සහ ආගම ගව් 7 ක් දුරින් තිබිය යුතු දෙකක්...

:       0       48

Ranuka Saturday, 17 August 2024 01:13 AM

දැන් පන්සලුත් යනවාද? මෙයාලාට ආගමක් දහමක් නෑනේ..

:       1       46

Ranga Saturday, 17 August 2024 06:27 AM

ඔව් ඉතින් බුද්ධාගම විනාශ කරන්න පාර කපන ගමන් බොරුවට මුණගැහිලා වැඩක් නෑ. මාලිගාවට බෝම්බ ගහපු අයගෙන් මොන බුද්ධාගම රැකීම්ද?, නායක හාමුදුරුවරු මරලා දැම්ම පක්‍ෂයකින් මොන ආගම රැකීමද?, ජාතික ලැයිස්තුවට පල්ලිවලට බෝම්බ ගහපු අය දාන අයගෙන් මොන ආගමික සහායද? බස් කෝච්චි ගිනි තියපු අයගෙන් මොන ප්‍රවාහන සේවය දියුණුවද?, රජයේ දේපල ගිනි තියපු අයගෙන් මොන රට රැකීමද?.

:       2       44

මාළු මාම Saturday, 17 August 2024 09:00 AM

ජවිපෙ පාසල් යනවා දැක්මයි.. දැං ඕකට කියන්නේ පංසල් දෙශපාලනේ නෙමෙයිද..?

:       2       43

Asanga thiththagalla gamage Sunday, 18 August 2024 10:10 AM

බෝ ගස් කපන්න ඕනා කියපු අය. බුද්ධ දර්ශනයට පලමු තැන දෙන්න ඕනේ නැත කියපු අය ,මොකද මේ නායක හාමුදුරුවන් හමුවන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 13 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 264 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 362 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3223 1

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1198 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1169 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23013 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site