පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කළ මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයෙහි මේ වන විට සිදු කර තිබෙන කැනීම් කටයුතු පිළිබඳව සොයා බැලීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කළේ ය.
අනුලා දේවී චෛත්‍යයෙහි කැනීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී සොයා බැලීය.
අපේ රටේ ප්‍රථම භික්ෂුණීන් වහන්සේ වන අනුලා දේවිය ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා මිහින්තලේ පිහිටි අනුලාදේවි චෛත්‍ය පිහිටි භූමියෙහි වැඩවාසය කළ බවට සැලකෙන අතර. ක්‍රි.පූ.02 සියවසේදී පමණ විහාර මහා දේවිය විසින් මෙම ස්ථානයේ විහාර ආරාම ඉදිකර පූජා කර තිබූ බවට සාධක දක්නට ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති .
අනුරාධපුර මුල් භාගයට අයත් ස්ථූපයක නටබුන්, මැටි බදුන් කොටස් , ගොඩනැගිලි අවශේෂ කොටස් ඇතුළු පුරාවිද්‍යා වස්තූන් මේ වන විට සොයා ගෙන තිබේ.
දිගු කලක් මුළුල්ලේ නිසි අවධානයක් නොමැතිව කෑලෑවට ගොස්තිබූ මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම හා මංගල ශිලා ප්‍රතිස්ථාපනය 2021 දෙසැම්බර් 26 වැනි දින මිහින්තලා රාජමහාවිහාරාධිපති හා භාරකාර වලවාහැංගුණුවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති බෝදාගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දායකත්වයෙන් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුලාදේවි චෛත්‍යයේ කැනීම් බලන්න සංස්කෘතික ඇමැති යයි
දාස Thursday, 16 June 2022 03:37 PM
මේ මනුස්සය කොච්චර තෙල් නාස්ති කලාදමේ ගමනට , මේ වෙලාවෙ තෙල් පොලිම්වල මිනිස්සු දුක් විදිනව, ප්‍රතිපත්තියක් තියෙන මිනිසෙක් නෙමෙයි.
Jagath Thursday, 16 June 2022 04:16 PM
මහජන මුදල් හා ඉන්ධන නාස්ති කරන්න එපා...
BamunuarachchiSaturday, 18 June 2022 04:26 PM
ජෙප්පන්ට, ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැති බව අපි දන්නවා...