(ටී.කේ.ජී.කපිල )
ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කර , සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , යාපනය ප්‍රදේශයේ අන්තවාදී ආගමික ප්‍රචාරණ කටයුතු කරමින් සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කර තිබේ .
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ මගින් නොමිලේ ලබා දී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අය වේ .
මොවුන් අතරින් දෙදෙනෙකු යාපනය , මත්හල් ප්‍රදේශයේ , රෝග සුව කිරීමේ අන්තවාදී ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අතර , ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු ජාතික සංවිධාන විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබී පැවතුනි .
එහිදී අත් අඩංගුවට ගත් ආගමික පූජකවරුන් දෙදෙනා ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ.- 1172 දරන ගුවන් යානයෙන් කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි .
මීට අමතරව යාපනය ප්‍රදේශයේ ලී මඩුවක , කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන පළාලි ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර තිබේ .
එමෙන්ම යාපනය ප්‍රදේශයේ අවන්හල් තුළ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 05 දෙනෙකු ද ඉකුත් පළාලි ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කර තිබේ .
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනවසරයෙන් රැදී සිටි ඉන්දීයානුවෝ 15 ක් පිටුවහල් කෙරෙති