IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම් ගිණුම, ශක්තිමත් මූල්‍ය පදනමක් සමඟින් මූල්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන නවතම බැංකුකරණ විසඳුම් හා ප‍්‍රතිලාභ සපයයි. 

ඩිජිටල් බැංකු ගිණුමකට පමණක් සීමා නොවූ NDB PIXEL, යොවුන් ප‍්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරමින් විනයකින් යුතු මූල්‍ය පාලනයක් සහ ඉතිරි කිරීමේ පුරුද්දක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම උදෙසා වූ හඳුන්වාදීමකි.

එමෙන්ම, මූල්‍ය කටයුතු වගකීමෙන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ විධික්‍රම වලින් අපගේ යෞවනයන් සන්නද්ධ කරමින් වඩාත් සුරක්ෂිත සහ සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කිරීම ද මෙමගින් සිදු කෙරේ.

නව යොවුන් වියේ දරුවන් සතු අවශ්‍යතා මනාව හදුනා ගනිමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා වූ NDB PIXEL, රුපියල් 5,000/- ක මූලික තැන්පතුවකින් ආරම්භ කළ හැකි අතර, ඉහළ පොලී අනුපාතයක් සමඟින් සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.  

මෙහි සුවිශේෂී ප‍්‍රතිලාභ ලෙස ඩිජිටල් ගිණුම හරහා උපකාරක පන්ති ගාස්තු, ඔන්ලයින් ගනුදෙනු  මෙන්ම පාසල් හා සම්බන්ධ ගෙවීම් වැනි එදිනෙදා මූල්‍ය කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා හඳුන්වාදුන් ඩෙබිට් කාඩ් පතක් සමඟින් ජංගම/ඔන්ලයින් බැංකුකරණ පහසුකම් සඳහන් කළ හැක.

NDB PIXELගිණුම විවෘත කළ හැක්කේ මවුපියන්ගේ/භාරකරුගේ කැමැත්ත ඇතිව පමණි. තවද, සෑම ගනුදෙනුවක් සඳහාම මවුපියන්/භාරකරුවන් විසින් නම් කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩ දැනුම්දීම් හරහා තම දරුවා විසින් සිදුකරනු ලබන ගනුදෙනු නිරීක්ෂණය කිරීමට හැකි වීම නිසා අමතර ආරක්ෂාවක් සහ මානසික නිදහසක් ලබා දෙයි.

(සී මුණසිංහ)



අදහස් (0)

අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL

ඔබේ අදහස් එවන්න

දියත

නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා
2024 ඔක්තෝබර් මස 17 41 0

මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවම


දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 17 457 0

තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 502 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ත්‍රිරෝද රියදුරු ලොකාන්තයට දැමූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 17 215 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ට පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද විසිකර දැමූවයි සැකපිට අත්අඩංගුවට ගත් ප


ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි
2024 ඔක්තෝබර් මස 17 666 0

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූම


දිස්ත්‍රික් අනුව අපේක්ෂකයන්ට මහ ඡන්දයට දැරිය හැකි මුදල් ගැන කියයි
2024 ඔක්තෝබර් මස 17 518 0

මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 591 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 490 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1524 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site