(විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0052 ක ආදායමක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස අපනයන ආදායම සියයට 8.06 ක පහළ යාමක් වුවත් 2021 වසරට සාපේක්ෂව එය සියයට 5.62 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා වල දැක්වේ.
මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් ලෙස සටහන් වේ.පසුගිය වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස සමඟ සසඳන විට මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ අපනයන අදායම සියයට 9.68 කින් පෙර වසරට සාපේක්ෂව පහල ගොස් ඇත.
මෙම වසරේ ජනවාරි මස වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 978 ලෙස සටහන් වන අතර එය පසුගිය වසරේ ජනවාරි මසට සාපේක්ෂව සියයට 11.3 ක පහළ යාමකි.
ඇඟලුම් අංශය මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 485ක අදායමක් උපයා ගනිමින් වැඩිම අපනයන ආදායමක් ඉපැයූ අංශය බවට බවට පත්ව ඇත.නමුත් පසුගිය වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස ඇඟලුම් අංශයේ අපනයන ආදායම 2.32 කින් අඩු වී ඇත.
ඇඟලුම් අපනයන ආදායම පොදුවේ සියයට 14.75 කින් අඩු වුවද, 2022 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2023 පෙබරවාරි මාසයේදී රෙදිපිළි අපනයන ආදායම සියයට 146.67 කින් වැඩි වී තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස තේ අපනයන අදායම සියයට 9.14 කින් වැඩි වී ඇත.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපනයන ආදායම සියයට 8කින් පහළට