IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


අපනයන - කර්මාන්ත දියුණුවට ’ජාතික තනි කවුළුව’ ක් අරඹයි

 

(යොහාන් භාසුර)

දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය  ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂමව ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිරීමට රජය ජාතික තනි කවුළුව' පහසුකමේ වැදගත්කම හඳුනාගත් බවත් අවශ්‍ය සේවා මාර්ගගතව සැපයීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව ආරම්භ කළ බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය සේවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මාර්ගගත ආකාරයෙන් ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

විවිධ මට්ටම්වල කාර්ය සාධනය සමගින් තවත් ආයතන කීපයක් සේවා සැපයීම සඳහා මාර්ගාත ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සැලසීම දැනටමත් ආරම්භ කර ඇතිි බවත් මෙම ජාතික තනි කවුළුව ව්‍යාපෘතිය සමග දැනට සම්බන්ධ වී සිටින වාණිජ මණ්ඩල පහක් පහ, එනම් ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මෙම පහසුකම් සැලසීම අගය කරන බවත් ඒ මහතා කීය.

තෝරාගත් රජයේ ආයතන කීපයක් සිය සේවා ඩිජිටල් ආකාරවලින් සැපයීම ඔස්සේ රාජ්‍ය ආයතනවලට අපනයන හෝ ආනයනකරුවන් පැමිණීමකින් තොරව අනුකූලතාවය සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමේ අවස්ථාව අපනයනකරුවන් සහ ආනයනකරුවන් වෙත දීමට මෙහි අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මාර්ගගත ආකාරයෙන් සිය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රැස්වීම සඳහා සහභාගි වූ පිරිස සාකච්ඡා කළ අතර ජාතික තනි කවුළුව පද්ධතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන තෙක් ප්‍රමුඛතාවයදී ක්‍රියාත්මක කළ යුතු කරුණු සම්බන්ධයෙන් වාණිජ මණ්ඩල පහේ අදහස් සහ නිරීක්ෂණයන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. 



අදහස් (0)

අපනයන - කර්මාන්ත දියුණුවට ’ජාතික තනි කවුළුව’ ක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 56 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයෙන් ළමා චිත්‍ර තරඟයක්
2025 අප්‍රේල් මස 30 41 0

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.


මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන
2025 අප්‍රේල් මස 30 366 1

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා


ගමේ ඡන්දෙන් පස්සේ මැතිසබය රැස්වේ
2025 අප්‍රේල් මස 30 197 0

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම


කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 1376 2

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු


ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 411 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 225 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 65 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1091 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site