IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අපෙන් අරන් ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න හදයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ ජාතික කෞතුකාගාරයේ එළඹෙන 5 සහ 6 දෙදින පැවැත්වෙන විශේෂ උත්සවයකදී මීට වසර 200 කට පමණ පෙර මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ හයක් නැවතත් ශ්‍රී ලංකාවට බාර දෙන බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

පසුගිය අගෝස්තු මස නෙදර්ලන්ත සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනේ උස්ලු මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි අවස්ථාවේදී එම කෞතුක භාණ්ඩ වල හිමිකාරීත්වය පැවැරීමේ නිල ලියකියවිලි වලට අත්සන් තැබූ බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය පැවැසුවේය.මෙම අවස්ථාව මහ ජනතාවට විවෘත බවත් එහිදී දෙරටේ ඉතිහාසය පිළිබඳ තරුණ සහ මහලු ජනතාව සියලු දෙනා දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමට ජාතික කෞතුකාගාරය සැලසුම් කර තිබෙන බවත් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ නෙදර්ලන්ත තානාපති ඩිවි වැන් ඩ වියර්ඩ් මහත්මිය නෙදර්ලන්තය වෙනුවෙන් කෞතුක භාණ්ඩ බාර දීමේ කටයුතු අධීක්ෂණය කරන බව තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.මෙලෙස කෞතුක භාණ්ඩ බාර දීම මගින් දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද නෙදර්ලන්ත තානාපති කාර්යාලය පැවැසුවේය.



අදහස් (8)

අපෙන් අරන් ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න හදයි

pakeer Monday, 27 November 2023 03:44 PM

පුළුවන් නම් අපිවත් අරන් යන්න... පින් සිද්ද වෙනවා...! 

:       5       21

කිරි පුතාMonday, 27 November 2023 03:59 PM

එහි තිබුණ හින්ද යන්තම් පරිස්සම් වුණා

:       3       31

ලංකාපුත්‍ර Monday, 27 November 2023 04:19 PM

සහතික ඇත්ත වීර කැප්පෙටිපොළ විරුවාණන්ගේ හිස් කබල එංගලන්තයේ සුරක්ෂිතව තිබී ලංකාවට ගෙනාවාට පස්සේ මොකක්ද කලේ කියලා දන්න කෙනෙක් කියන්න... ඒක දැනුත් සුරක්ෂිතව තිබේද බලන්න...!

:       2       14

ajithMonday, 27 November 2023 04:51 PM

ලංකාපුත්‍ර, වීර කැප්පෙටිපොළ විරුවාණන්ගේ හිස් කබල අද මිහිදන් කර ඇත්තේ දළදා මාලිගාව ඉදිරිපස ඇති මහා මළුවේ ඉදිකර ඇති වීර කැප්පෙටිපොළ ස්මාරකය තුළයි...

:       0       10

Aravinda Monarawila Monday, 27 November 2023 04:02 PM

පුළුවන් නම් තව ටික කාලයක් තියා ගන්න. නැත්නම් පිනා ඔවත් කාට හරි විකුනාවි.

:       3       22

ගමේ එකාලා Monday, 27 November 2023 04:45 PM

ඒ රටේ තිබුණා නම් පරිස්සම් වෙයි. ලංකාවේ තිබුණොත් බහිරවයා ගිලින්න පුළුවන්. කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙචිචි දේ දෙයියෝ තමා දන්නේ?

:       1       14

සෞභාග්‍යයෙන් රට පෙරට Monday, 27 November 2023 05:03 PM

2015 ට පෙර කාලයේ 2009 ට පසුව ජාතික කෞතුකාගාරයේ තිබී අතුරුදන් වුණා කියපු කෞතුකවස්තු වලට වුනේ මොකක්ද?

:       1       14

PATTA hora Monday, 27 November 2023 06:28 PM

නාමල් කොලුවා නම් හා කියුවා .. හැබැයි කන් ගැට්ටා මළානේ...

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1173 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1396 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 885 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 387 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1255 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39489 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site