
(අංජුල මහික වීරරත්න)
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත මඟින් විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ද, ඇතැම් නඩු වලදී ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහා ද, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා ද, ඊට සම්බන්ධ කාරණා සඳහා ද විධිවිධාන සලසා ඇත.
එකී පනතේ විධිවිධාන, පනත ක්‍රියාත්මක වූ දින සිට වසර 02 ක කාලයක් සඳහා වලංගු වේ. එම පනතේ 7 වන වගන්තියේ (2) වන උපවගන්තියට අනුව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් පනත ක්‍රියාත්මක වීම තවදුරටත් දීර්ඝ කරනු ලැබිය හැක.
ඒ අනුව, එකී පනත ක්‍රියාත්මක වීම මේ දක්වා වරින් වර දීර්ඝ කරනු ලැබ තිබේ. අදාළ පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීම 2025-02-02 දින සිට තවත් වසර 02 ක කාලයකින් දීර්ඝ කරමින් අංක 2418/28 හා 2025-01-08 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනයේ පළ කරනු ලැබ ඇති නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපරාධ නඩු විධාන නියෝග පාර්ලිමේන්තුවට