IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට



(ප්‍රියාණි මංගලිකා)

මිනීමැරුමකට සහ අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු වෙනත් නමකින් අඹන්පොල ප්‍රදේශයේ  කාන්තාවකගේ නිවසේ සැඟවී සිටියදී , ව්‍යාජ රියදුරු බලපත්‍රයක්ද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය කොට්ඨාශ පොලිස් විශේෂ කාර්යාංශය අද (27) පැවසීය.

ව්‍යාජ නමකින් පෙනී සිටි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියෙකු වන බවද, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ පස්සර මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම සැකකරුට වරෙන්තු රැසක් නිකුත් කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
                          
2017 වසරේදී තියුණු ආයුධයකින් කපා කොටා තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ ඉන්පසු කිසිඳු නඩුවක් වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටීමෙන් සැකකරුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඊ.එම්. වසන්ත ඒකනායක මහතාට ලැබුණු තොරතුරුකට අනුව, නිලධාරීන් විසින් වැටලීම සිදුකර වරෙන්තුකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අදහස් (1)

අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

ROCKY Sunday, 28 February 2021 06:49 AM

ඊළඟ ඡන්දෙදී නාම යෝජනා දෙන්න නියම කෙනෙක්...!!! කොළොන්නාව ආසනේ නෙවැ... දිනනවා ශුවර්...!!! 

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 0 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 176 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 105 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 198 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 222 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 71 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 35 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site