IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


අපරාද රැසක වෙඩික්කරුවෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර දෙදෙනකුට බරපතල තුවාල සිදු කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ හොර රහසේ සැඟව සිටියදී  හෝමාගම ගලවිල ප්‍රදේශයේදී  අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි

එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 5000 ක් පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු   බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවත් පොලිසිය සඳහන්කරයි

2023 වර්ෂයේ මැයි මස 12 වෙනි දින අවිස්සාවේල්ල තල්දූව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී  පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීම ,එම මස 26 වෙනි දින තල්දූව දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම, 2023 සැප්තැම්බර් මස 20 වැනි  දිනඅවිස්සාවේල්ල තල්දූව ගුරුපස්විලදී  යතුරුපැදියකින් ගොස්  ගොස් තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට ටී 56 ගිනිය අවියකින් වෙඩි තබා එයින් තිදෙනකු ඝාතනය කර තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීම සැකකරු සිදු කර තිබූ ප්‍රධාන අපරාධවලින් කීපයක් බව පොලිසිය සඳහන් කරයි



අදහස් (1)

අපරාද රැසක වෙඩික්කරුවෙක් අල්ලයි

කව්ද බෝයි Tuesday, 18 March 2025 05:48 PM

මෙයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

නාගලන්වීදියේ වෙඩිතැබීමට අනුබල දුන්නැයි කතක් අල්ලයි
2025 මාර්තු මස 21 1 0

තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකාරියක් අත්අඩංගුවට ගත් බව ග


වාරියපොළදී ගුවන් අනතුරක් ?
2025 මාර්තු මස 21 499 0

වාරියපොළ , මිනුවන්ගැටේ ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර ගුවන් අනතුරක් සිදුව ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි .


මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ
2025 මාර්තු මස 21 33 0

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී ,


අද සවසත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 21 90 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ
2025 මාර්තු මස 21 570 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර


ජාතික ලුණ සමාගම නව පියවරක්
2025 මාර්තු මස 21 297 0

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලු‍ණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලු‍ණු සමාගම පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 464 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1050 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site