(ගයාන් සූරියආරච්චි)
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
එසේම මේවන විට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ඉහත පත්කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ එකගතාවද හිමිව ඇති බව ද පොලිස්පතිවරයා කීය.
ආන්දෝලනාත්මක අපරාධ රැසක පරීක්ෂණ කටයුතුවල නියුතු විමර්ශන නිලධාරියකු ලෙස ශානි අබේසේකර මහතා හැදින්විය හැකි අතර රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහරගෙන ගොස් අතුරුදන් කිරිම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි අපරාධ ගණනාවක විමර්ශන නිලධාරියෙක් ලෙස අබේසේකර මහතා කටයුතු කළේය.
ශානි අබේසේකර මහතා කීර්තිමත් රහස් පරීක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
Alfread Friday, 11 October 2024 07:01 PM
දැන් උඩ පැන පැන වලං හෝදන්න පුළුවන්. මේවා දේශපාලන පත්වීම් නෙමේ වෙන්න ඇතිනේ. ඉදකින් විතරක්. කොන්දක් තියෙන විපක්ෂයක් නෑනේ මේවාට කතා කරන්න...!