( බී.ජී. චතුරංග)
අනුරාධපුර ජයන්ති මාවතේ, දෙකේ කණුව ආසන්නයේ ඇති පුරන් කුඹුරු යායකට කිසියම් අයකු ගිනි තැබීමේ හේතුවෙන් අද (17) දහවල් එම මාර්ගය ආසන්නයේ ඉදි කර තිබූ පලතුරු වෙළෙඳ සලක්, බෝග වගාවන් කිහිපයක් විනාශයට පත්ව, වන සතුන්ද ජීවිතක්ෂයට පත් විය.
අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් පැමිණ ගින්න පැතිරී යාම වලක්වා පාලනය කිරීමට කටයුතු කළේය.
දැඩි සුළං තත්ත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබූ අතර එම ගින්නෙන් අක්කර 30 ක ට වැඩි භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබුණි.
ගිනි ගැනීම් තත්ත්වය නිසා ඇති වූ අධික රස්නය සහ දැඩි දුමාරය හේතුවෙන් ජයන්ති මාවතේ රථ වාහන ගමනා ගමනයට සම්පූර්ණයෙන් බාධා මතු වූ අතර රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කර වීමට පොලිස් රථ වාහන අංශ නිලධාරීහු මෙහිදී කටයුතු කළහ.
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අපු‘ර ගින්නකින් වෙළඳසළකට - වගාවන්ට හානි