IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අ‘පුර රෝහලේදී කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

(බී.ජී.චතුරංග)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, අමානුෂික අයුරින්  කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඝාතකයා සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චියේ විහාර පෙදෙසේ පදිංචි, 27 හැවිරිදි පුද්ගලයෙකු සහ කෝණ කුඹුක්ගොල්ලෑව මැදවච්චියේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. 

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී, ඝාතනය සඳහා භාවිතා කළ පිහියක්, ජංගම දුරකථනයක්, සිම් පතක්, ඝාතනය සිදු කළ  අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සඟවා තිබීයදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය  පවසයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන මෙහෙය වූ අතර අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම  මහතා යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයට ගොස් 'සහස්පුර' මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් 26 දා, මැදවච්චියේ නගරාසන්නයේ දී කාන්තාවන් ඇතුළු පුද්ගලයන් පිරිසක්,  පුද්ගලයෙකුට පොලු මුගුරු වලින් පහරදීම හේතුවෙන්   බර පතළ  තුවාල ලැබූ  පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර, මහාචාර්ය ඒකකය සිව් වන මහලේ 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඝාතනයට ලක්ව තිබූ බව පොලිසිය කියයි.

තියුණු ආයුධයක් ඇති ඇතිව පසුගිය අප්‍රේල් 28 දා අලුයම 4.30ට පමණ එම වාට්ටුවට ඇතුළු වූ ප්‍රධාන සැකකරු, එම වාට්ටුවේ  39 වන ඇඳේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි, අංක 15 මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි, පී.බී. ඩබ්ලිව්. රුවන් ගීත් විජිත  නැමැති, 22 හැවිරිදි  පුද්ගලයා අමානුෂික ලෙස ඝාතනය කර, රෝහල් ආරක්ෂක අංශ වලට හසු නොවී පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

අ‘පුර රෝහලේදී කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 81 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 312 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 431 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 145 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 834 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 350 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site