(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිව් දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ නව දෙනෙකුට කොරෝනා වයිරසය වැළදි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා අද (3) පැවසිය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිව් දෙදෙනෙකුටත් හෙද කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුටත් කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකුටත් කොරෝනා වැළදී ඇත.
කොරෝනා ආසාදිත මෙම වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම හේතුව නිසා වෛද්‍යවරු විස්සක්,හෙදියන් තිහක් හා කණිෂ්ඨ සේවකයන් 15 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සීමා කර ඇති අතර ශෛල්‍යාගාරයේ ද සිදුකරනු ලබන්නේ හදිසි සැත්කම් පමණි.
මේවන විට අනුරාධපුර දිස්ත්‍රිකයෙන් කොරෝනා රෝගීන් 370 ක් වාර්තා වී ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අ’පුර රෝහලේ 9 කට කොරෝනා
suga Wednesday, 03 February 2021 09:51 AM
මේ අය නිරෝධායනය වන්නේ හෝටල් වලද? ගෙවල් නේද? මේ අය කොරෝනා වැළඳුණු අය සමග ඉදලත් PCR පරීක්ෂණයක් නොකරම නේද ගෙවල්වල නිරෝධායනය වෙන්නේ... ඇයි එහෙනම් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එනවිට දෙපාරක් PCR කරලා නෙගටිව් වුණාම ගෙදර නිරෝධායනය වෙන්න ඉඩ දෙන්නේ නැත්තේ...
suga Wednesday, 03 February 2021 09:55 AM
මේ අය නිරෝධායනය වන්නේ හෝටල්වලද? ගෙවල්වල නේද? මේ අය කොරෝනා වැළඳුණු අය සමග ඉදලත් PCR පරීක්ෂණයක් නොකරම නේද ගෙවල්වල නිරෝධායනය වෙන්නේ?. ඇයි එහෙනම් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එනවිට දෙපාරක් PCR කරලා නෙගටිව් වුණාම ගෙදර නිරෝධායනය වෙන්න ඉඩ දෙන්නෙ නැත්තේ?