IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්

(යොහාන් භාසුර)

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්ධන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද (1) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.

ජනාධිපතිතුමා ඉන්ධන මිල සංශෝධනය ජාතික ජනබලවේගයේ අපේක්‍ෂකයා ලෙස නොවන ජනාධිපතිවරයා ලෙස කළ බවත් මෙම ඉන්ධන මිල පහළ දැමීමේ තීරණය රට පිළිබඳව අවදානය යොමුකර ගත් එකක් බවත් ඒ මහතා කීය.

පසුගිය ආණ්ඩුවලදී සිදුවූ වංචා සහ දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට නියමිත බව කී රාජකරුණා මහතා එම කොමිසම ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවී ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ද කටයුතු කරනු ඇති බව ද සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ වංචාවලට සම්බන්ධ නිලධාරීන්ට ද නිසි ස්ථානය ලැබෙනු ඇතැයි කී ඒ මහතා පැවසුවේ එවැනි කිසිඳු පුද්ගලයෙක්ට ගැලවීමක් නොමැති බවත්ය.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව ජාතික ජනබලවේගයේ  ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන වැඩපිළිවෙළ අනුව කටයුතු කරමින් ඛනිජ තෙල් ක්ෂේත්‍රය ජාතික ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඛනිජ තෙල් වෙළෙදාමට හැකි ඉක්මණින් ගෙන යෑම ආණ්ඩුවේ ඉලක්කය බවත් ඒ මහතා කීය.

විදුලිය සම්බන්ධ මිල මහජන උපයෝගිතා කොමිසම නියාමනය කරන ආකාරයට ඛනිජ තෙල් නියාමනය සඳහා ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් බදු අඩු කර ඉන්ධන මිල තීරණය කරන්නේ නම් රට පිළිබඳව අවධානය යොමු කර එය කිරීමට කාලය අවශ්‍ය බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.

රට තුළ ඉන්ධන පෝලිම් ඇති වූයේ ඉන්ධන මිල අඩු කිරීම නිසා නොව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැති වීමෙන් බවත් ඉන්ධන මිල සම්බන්ධයෙන් ‘සූත්‍රයක්’ පැවැතිම වඩාත් වැඳගත් බවත් ඒ මහතා කීය.

බලයේ සිටින විට ඉන්ධන මිල අඩු නොකළ ඇමතිවරු ඇතුළු පිරිසක් ඉන්ධන මිල සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ කරමින් සිටින බව කී රාජකරුණා මහතා රට ප්‍රපාතයට ඇඳ දැමූ පිරිස ඛනිජ තෙල් ආනයනය කළ නොහැකි හැකි පවසමින් විදේශ සමාගම් කීපයකට එම අවස්ථාව දුන් බව ද සඳහන් කළේය.

මෙමරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අවස්ථාව විදේශ සමාගම්වලට පැවරීම නොවිය යුතු දෙයක් ලෙස සළකන බවත් වර්තමාන ආණ්ඩුව රට ගොඩදැමීම සඳහා පමණක් කටයුතු කරන බව ද සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ද සහභාගි විය.



අදහස් (0)

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 01 23 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන මහේෂ් වික්‍රම නමැත්තා ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථ


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 26 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 338 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 817 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 294 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 749 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site