IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ

(ෂේන් සෙනෙවිරත්න)

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෞඛ්‍ය සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

වත්මන් ජාතික ජන බලවේගය රජය ඕවර විස්ස තරඟ රටාවෙන් බැහැරව තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ ටෙස්ට් තරඟයක් බවත් එම තරග රටාවේදී සියලු පන්දුවලට පිත්ත නොදාන බවත් ගහන හැම පහරකටම ලකුණු කරා දිව නොයන බවත් විජේමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ මහනුවර දී ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිණි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තම මන්ත්‍රී ධූර කාලය වසර පහක් හෝ ඊට අඩුවිය හැකි බවත් එහෙත් ජාතික ජන බලවේගය රජය තවත් වසර 10-15 කට එහා කාලයක් එම තරඟය ක්‍රීඩා කරනු ඇති බවයි.

වත්මන් ජාතික ජන බලවේගය රජය වෙනත් පක්ෂ සමග සන්ධාන ගත නොවී උතුරු නැගෙනහිර පවා ජයග්‍රහණය කිරීමට හැකි වීම විශේෂත්වයක් බවත් එම ජනතාවගේ සිහින හා අභිලාෂයන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

මෙම ජයග්‍රහණය තනි පක්ෂයක් ලැබූ ලංකා දේශපාලන ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල කඩා වැටීම තිබෙන බවත් එය පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් නොවන බවත් මෙරට සෞඛ්‍ය පද්ධතිය කාලයක් තිස්සේ යාවත්කාලීන නොවීම හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් බවද ඒ මහතා කීය. අවිධිමත් කාර්යක්ෂමතාවයක් නොමැති ආයතනයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇති බවත් එය විධිමත් ආකාරයට යාවත්කාලීන විය යුතුව තිබෙන බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

 



අදහස් (1)

අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ

pj Monday, 30 December 2024 05:09 AM

හලෝ.. පම්පෝරි ගහන්න පෙර රටේ ණය කළමණාකරණයට ප්‍රමුඛස්ථානය නොදුන්නහොත් යන්න හොම්බකුත් නැතිවෙයි.

:       8       9

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට
2025 ජනවාරි මස 01 2372 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්


මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයා අල්ලයි
2025 ජනවාරි මස 01 550 0

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට පාර්සලයක් ගැනිමට පැමිණි විදේශිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සහිත පාරසලයක් සමඟ අද(1) දහවල් අත් අඩංගුවට


අත්‍යවශ්‍ය භාණ්ඩ 63 ක වෙළඳ බද්ද වෙනස් නොවේ
2025 ජනවාරි මස 01 480 0

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙ


පොලීසියෙන් නව ජංගම යෙදවුමක්
2025 ජනවාරි මස 01 545 1

රථවාහන වැරැදි අවම කර ගැනිම සදහා ‘ඊ ට්‍රැෆ්ක්‘ නමින් ජංගම දුරකතන යෙදවුමක් වැඩබලන පොලිස්පතිවරයගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානය හදුන්වා දෙනු ලැබීය.


නාමල් කුමාර රිමාන්ඩ්
2025 ජනවාරි මස 01 1785 0

රංගන ශිල්පී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයිකියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයින් අතර ආගමික වෛරයක් ඉස්මතු කිරීම ස


මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා
2025 ජනවාරි මස 01 1646 0

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළ අද අලුයම එකට පමණ ගම්පොළ මාළු වෙළඳසල්වල ඇති ඉවත් කරන ලද නරක් වූ මාළු කොටස්ලොරියකින් රැගෙන ගොස් සංචාරකයන් ගමන් ගන්නා අම්බුලුව


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 331 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 183 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 167 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site