IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි

(සුජිත් හේවාජුලිගේ)

මහරගම  අපේක්ෂා රෝහල සඳහාවූ  පරිත්‍යාග ගිණුමේ තිබූ  රුපියල් කෝටි හතළිහක අරමුදල්  2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස  ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට  ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බවද එම  වාර්තාවෙ  දැක්වෙ

විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි පැවසෙන්නේ 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය.

මේ අතර කොළඹ රීජ්වේ  ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද  අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.

ලිට්ල් හාට් ව්‍යාපෘතිය  යටතේ  කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද  2023  වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.


 



අදහස් (0)

අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හැරී ජයවර්ධන අවසන් ගමනේ
2025 පෙබරවාරි මස 04 257 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහපරිමාන ව්‍යාපාරික ආයතන රැසක හිමකරුවකු වු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ දේහයේ අවසන් කටයුතු අද 04 දින සවස ජාඇල වැවල


ගාල්ල බන්ධනාගාරයේ තාප්පය උඩින් තවත් පාර්සලයක්
2025 පෙබරවාරි මස 04 81 0

දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.


සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටී අවසන්
2025 පෙබරවාරි මස 04 501 1

ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ප


යාපනයේත් නිදහස් දින සැමරුම්
2025 පෙබරවාරි මස 04 276 1

යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද(04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.


කොළොන්නාව ගංවතුර ප්‍රශ්නයට අගමැතිනී මැදිහත් වෙයි
2025 පෙබරවාරි මස 04 459 0

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක


සේවක අර්ථසාධක අරමුදලට අලුත් ලියාපදිංචියක්
2025 පෙබරවාරි මස 04 598 0

සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්(AH ලියාපදිංචි කිරීම)අරඹා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 756 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 732 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site