IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද(28) පැවසුවාය.

තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට පැකිලෙන්නේ නැතැයි ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

මහනුවර දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මහ මැතිවරණය සඳහා ඔබලාගේ සූදානම කොහොමද?

මහ මැතිවරණය සඳහා අප හොඳින් සූදානම් විය යුතුයි.ජනාධිපතිවරණයේදී අපට ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි අප විශ්වාස කරනවා.

ප්‍රශ්නය:-

තුන් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට රටේ වගකීම ඉටු කරගන්න හැකිවේද?

පිළිතුර:-

අප මෙය බාර ගත්තේ ඒ කැපකිරීම කරන්න සූදානමින්.අප මේ කාලයේදී ඒ වගකීම බාර ගත්තා. ප්‍රශ්නය:-

රජයේ ඉහළ තනතුරු සඳහා චෝදනා ලත් නිලධාරීන් පත් කර තිබෙන බවට යම් චෝදනාවක් නැගෙනවා.

පිළිතුර:-

අපේ පාලනය යටතේ යමෙකු චෝදනාවලට ලක් වුණොත් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පැකිලෙන්නේ නැහැ.අප දැනටත් සාධනීය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉදිරියටත් එවැනි වෙනස්කම් කරනවා.

ප්‍රශ්නය:-

චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

පිළිතුර:-

ඔවුන් අතුරින් ද සමහර අය ගැන දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.අපට රාජ්‍ය සේවකයන් පිටින් ගෙනෙන්න බැහැනේ .ඉන්න අය සමග වැඩ කළ යුතුයි.අප පත් කරන අයට අපි වග කියනවා.

ප්‍රශ්නය:-

අධ්‍යාපනය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවන බවට සමාජයේ මතයක් තිබෙනවා. එය විධිමත් කරන්නට වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර:-

මට ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මුණ ගැසෙන්නට අවස්ථාවක් ලැබුණා.ජාතික ජන බලවේග ආණ්ඩුවට අධ්‍යාපනය යනු ප්‍රමුඛ කාර්යභාරයක්.අද අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය හොඳටම බිඳ වැටිලා.අපගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඒ බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩනැගීමයි.දරුවන්ට සතුටින් පාසල වෙත යාමට පසුබිම සැකසිය යුතුයි.මාපියන්ටත් අධ්‍යාපනයේ බරක් නොවිය යුතුයි .ගුරුවරුන්ටත් තම වෘත්තිය සතුටින් කරගෙන යාමට පසුබිම සැලසිය යුතුයි.

 



අදහස් (0)

අපේ පත් කිරීම්වලට අපි වග කියනවා

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1062 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 9 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1137 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 502 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site