IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


’’අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත්  අත්උස්සන ලෙස  කියා කියන්නට  ලෑස්ති වෙන්න එපා  ජනතාව තමා  පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ  විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) වාර්තා පිළිබඳ සභාව  කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

තමා මෙතැනට පැමිණ ඇත්තේ මොන්ටිසෝරි ගිහින් නොවන බවත් එහෙම අයද සිටිය හැකි බවත් ඔහු පැවසුවේය.

තමා මෙහි පැමිණ ඇත්තේ නීති හැදීමට බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

පනත් වෙන තැනක හදලා මෙතන ගෙනැවිත් අපේ අත් උස්සන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරලා හරි යන්නේ නෑ. 

මම නීති උපාධිය කළේ 1982දී. ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ1985 දී.  පළමුවැනි අවුරුදු දහයේදී ම ශ්‍රේෂ්ඨාධිකරණයේ   නඩු කතා කළා .පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් මම කතා කළා .  සමහරු ඒවා දන්නෙ නැහැ. සමහරු හිතන් ඉන්නේ අපි මොන්ටිසෝරි ගිහින් ඇවිල්ල කියල කොහෙවත් හදනවා නීති.   උපදේශක කාරක සභාවට ගේනවා. ඉතින්  මෙතැනදි අපි අත උස්සන්න ඕන. ජනතාව අපිව පත් කරලා තියෙන්නේ  සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වාර්තාවත් එක්ක මම කියනවා .ඒ කාර්යභාරය තමයි අපි ඉටු කරල තියෙන්නෙ.

මේවා කියන්න අපි බය වෙන්නේ නැහැ. අපි ඡන්දෙන් පත්වෙලා ඉන්නේ.  පාර්ලිමේන්තුවේ කෝ මූල්‍ය පාලනය. අද සමහරු දන්නේ නැහැ ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා. පසුගිය පාලන කාලයේදී අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එතනදි ක්‍රියාදාමයකට ගියා. මොකක්ද ක්‍රියාදාමය.පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත  කළා. පස්සේ තේරීම් කාරක සභාවක් පත් කළා.අනු කමිටු හයක් හැදුවා. ඒ අනු කමිටුවක් අයට තමයි විද්වතුන් තාක්ෂණ සහාය දුන්නේ. නැත්නම් මේක  ව්‍යවස්ථාදායකයද. අපි මොකද මෙතන ඉන්නේ. මම සන්ධානයේ ලේකම් වෙලා හිටියා. කවදාවත් ජාතික ලැයිස්තුවෙන් ගියේ නෑ. නාමයෝජනා 12ක් හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මහත්තයාගේ නාමයෝජනා තුනක් අස්සන් කරල තියෙනවා.සමහරුන්ට ඒවා මතකත් නෑ.



අදහස් (38)

’’අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි’’

Ruhunu Friday, 22 October 2021 09:37 PM

සිග්නල් කණුවෙන් නම් මොකක් හරි ක්‍රියාවක් සිද්ද වෙනවනේ ඉතින්...

:       3       86

DonSaturday, 23 October 2021 03:55 AM

සිග්නල් කණුවෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මටනම් තමුන්ලව පෙනෙන්නේ පුරන් කුඹුරක හිටවපු පඹයින් වගේ...

:       0       2

ajithSaturday, 23 October 2021 06:16 AM

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු බොහෝ ඇමැතිවරු රජයට විරුද්ධව සිටියද කුමන විවේචන කළද ඔවුන් කිසිවකු රජයෙන් ඉල්ලා අස්නොවනු ඇත. රජයෙන් ඉල්ලා අස්වුවහොත් ඔවුන්ව පිළිගැනීමට ලංකාවේ ජනතාව සූදානම් නොමැත...

:       0       3

BamunuarachchiTuesday, 26 October 2021 08:38 AM

අඩුපාඩු පෙන්වනවා, වැරැද්දට කතාකරනවා කියන්නේ පවුල දාලා යනවා හෝ පක්ෂය දාලා යනවා හෝ මිතුරු කැල දාලා යාමට හේතුවක් නොවෙයි. එහෙමනම් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න තැනක් ඉතිරි වෙන්නේ නැත. සුසිල් ප්‍රේමජයන්ත මහතා පොහොට්ටුව අත්හැර රනිල් ගාවට යාවිද? සජිත් ගාවට යාවිද?

:       0       0

සලීම් Saturday, 23 October 2021 07:21 AM

මේ ගොල්ලන් දේශපාලනයට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු 25 කට වැඩියි. දැන් මේ ගොල්ලන්ගෙන් වැඩි පිරිසක් ඇවිදින්නේ බකල් ගගහ. තරුණ උගතුන්ට රටේ පාලනය දීලා චුත වෙන එකයි හොඳම. රටට නම් කරපු තඹේකනම් දෙයක් නැහැ. පවුල් පිටින් රටවල්වල පදිංචිවෙලා සුර සැප විදිනවා.මේ කුණු දේශපාලනයෙන් අපේ සුන්දර දිවයිනට වෙච්ච අපරාදයක්. නැවත රට ගොඩ එනවා බොරු.

:       0       3

දකුණ Friday, 22 October 2021 10:16 PM

ඔබලාට සිග්නල් කනුවක්වත් වෙන්න ඇහැකියෑ...

:       0       70

sena Friday, 22 October 2021 10:22 PM

සමහරුන්ට ඒවා මතකත් නෑ... ඔබගේ අදහස් වලින්ම පෙනීයනුයේ රටට දේශපාලනය වෙනසක් අත්‍යාවශ්‍ය බව නොවේද?

:       45       71

Saththaya Friday, 22 October 2021 10:23 PM

දශක ගණනාවක් ලංකා පාර්ලිමේන්තුවේ වුනේ 100%ක්ම බලය උදෙසා අත උස්සපු එක විතරයි... අද සියලු ලංකාවාසීන් අත් විඳිමින් ඉන්නේ ඒ ශාපයයි... දේශපාලකයාට සුදුසු කමක්, හොඳක්, නරකක් අවශ්‍ය වුනේ නැහැ. සමාජ මෙහෙවරක් වෙනුවට ජනතාවට ලැබුණු සෙත නම් දේශපාලකයා රටේ සම්පත් කොල්ල කා දැමීමයි. අවසානයේ ජනතාව කරපු වැරැද්දට ඔවුන්ට විඳවන්න සිදු වුණා. දැන් ජනයා ජීවත් වෙන්න සුදුසු පරිසරයක් සොයන්නට පාස් පොර්ට් පෝලිමේ කාලය ගත කරනවා . ඒකයි ඇත්ත... ජනතාව වැඩි කල් යන්නට පෙර ගුවන් තොටුපොළට ගොස් එහි තිබෙන ගුවන් යානා වල තටුඋඩ හිටන් නැගලා ශ්‍රී ලංකාවෙන් පිටව යන්නට උත්සාහ කරන දිනය වැඩි ඈතක නෙමේ...

:       7       116

අප්පුහාමි Saturday, 23 October 2021 06:11 AM

මේ අදහස නිවැරදියි. සමහර හන්දිවල සිග්නල් කණු තිබුණත් රථවාහන පොලිස් නිලධාරින් ඒවා විසංධිකර කටයුතු කරන අවස්ථා අනන්තවත් තියෙනවා. ලංකාවේ පක්ෂ දේශපාලනය තුළත් තියෙන්නේ විසන්ධි කල සිග්නල් කණුවල තත්වයක්.... ලංකාව මෙහෙම දුප්පත් වීමට එය හේතු වුණා.

:       0       1

RaveendraSaturday, 23 October 2021 06:16 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. කිසිඳු පක්ෂ බේදයකින් තොරව අප රටේ සියලුම පක්ෂ මෙම ඛේදනීය තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුමයි. "සියලුම පක්ෂවල ඉන්න ඔය කාටවත්" අනේ අපි නම් මුකුත් අවැඩක් උපන් රටට කළේ නැහැ... අපි පූස්පැටව් කීමට කිසිසේත්ම නොහැක...

:       0       1

සඳුන් Friday, 22 October 2021 10:36 PM

දහනමයට උස්සපු අත ද්විත්ව පුරවැසියකුට මන්ත්‍රී ධූරය දීමට විස්සටත් එසවුනේ සූස්තියක් ගහල ඉන්න වෙලාවක වෙන්න ඇති.

:       0       2

Koka Friday, 22 October 2021 10:47 PM

දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්

:       0       1

සිරිබිරිස් Friday, 22 October 2021 11:24 PM

ඔය කිව්වට සිග්නල් කණු වගේ තමයි ඉන්නේ . එකපාරට බොරුවට ලොකු සද්දයක් දාල ආපහු සිග්නල් කණු වගේම ඉන්නවා .

:       0       2

Demuni Uduwara Friday, 22 October 2021 11:43 PM

ඔබ කියන දේ හරියටම හරි. මා කලින්ද සඳහන් කළ පරිදි නිදහසින් පසු වසර 73ක් ඇතුළත මේ රටට ව්‍යවස්ථා 3ක් පටවා තිබෙනවා. පසුගිය 1972 ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක අතර පරතරය බලන්න.

:       0       0

chandima Saturday, 23 October 2021 12:20 AM

සිග්නල් කණුත් ගෙනල්ලා කියලා කතිරේ ගස්සා ගෙන අපේ නියෝජිතයෝ කියලා පුටු වල හිටෝලා තියෙන නිසා තමයි මිනිස්සු ඔහොම කියන්නේ

:       0       2

Neela Saturday, 23 October 2021 12:53 AM

20 වෙනි සංශෝධනයට අත උස්සලා සිග්නල් කණු වෙලා, දැං බලු වෙලා ඉන්න ඇමැටිලා බුරනවා වගෙයි මට දැනෙන්නෙ. මේ අය දශක කීයක් පාර්ලිමේන්තුවේ සිග්නල් දැම්මද? නමුත් මහින්ද සුළගෙ යන කොටවත් රාජපක්ෂලාට විරුද්ධ වෙන්න ධෛර්යය ලැබුණු එකට සතුටුයි.

:       0       2

Sam Saturday, 23 October 2021 02:22 AM

20 ට අත උස්සලා දැන් කියනවා සිග්නල් කණු නෙවේලු.. කාට කියන්නද මෙව්වා..?

:       0       2

beau Saturday, 23 October 2021 03:20 AM

කාටද මෙයා බණින්නේ... මේ බැණීමත් මහජනයාට පෙන්නන්න කරන මගඩියක්... මේ අය හැමදාම කළේ මහින්දගේ පස්සෙන් යන එක.., නැතිනම් යහපාලකයින්ට බැල මෙහෙවරකම් කිරීම... මේ අය හරි දෙයක් කළා නම් අද අපිට මෙහෙම අන්ත දුකක් විඳින්න වෙන්නේ නැහැ. කට්ට කයිරාටිකයින්...!!! 

:       0       2

sumanadasa Saturday, 23 October 2021 03:24 AM

දැන් ඕවා කිව්වාට වැඩක් නැහැ මහත්තයෝ... ඔයත් ඊළඟ ඡන්දෙදී විශ්‍රාම යන්න ඕනෑ කෙනෙක් තමයි.

:       0       2

Royfedricks Saturday, 23 October 2021 03:39 AM

හා හා! මොකද හිතේ අමාරුවෙන්...? දැන් කීයක්වත් අතට ලැබෙන්නේ නැද්ද උන්නැහේ? 225ම කිසිම වැඩකට නැති හාල් පාරුවන්. අපි ඒක හොඳින්ම දන්නවා. 77න් පස්සේ ඔය ගුබ්බෑයමේ ඉන්නේ හොරු, වන්චාකාරයෝ, මිනිමරුවෝ....

:       0       3

sumudu Saturday, 23 October 2021 04:59 AM

මොකෝ මේ හීනෙන් බය වෙලා වගේ. රටට අහිතකර පනත් කීයකට මේ වෙනකොට අත උස්සල තියෙනවද? ඔබ විධායක ජනපති බලය වැඩි කරන්න 18 සංශෝධනයටත්, එය නැති කරන්න ආයේ 19 ටත්, අායෙත් උපරිම ලෙස වැඩි කරන්න 20ටත්, පොර්ට් සිටි පනතටත්, හොරකම් කරපු සල්ලි නීත්‍යානුකූල කරන්නත්, ද්විත්ව පුරවැසියන්ට රටේ ඉහළම තනතුරු දැරීමට හැකිවන නීතිවලටත් අත උස්සපු කෙනෙක්.. ඔබ කිසිම දිනක රට ගැන හිතා අත උස්සපු කෙනෙක් නෙමෙයි..

:       0       3

Eagle Saturday, 23 October 2021 07:32 AM

අනේ නිකන් යන්න...

:       0       4

Perera Saturday, 23 October 2021 07:38 AM

20 ගොඩදාගන්නකම් සිග්නල් කණු... ඊට පස්සේ පඹයෝ...

:       0       4

චන්දන Saturday, 23 October 2021 07:58 AM

ඉතා හොඳයි. කෙලින් වැඩ කරන රටට ආදරේ ඇති අයට වරදින්නේ නැහැ.

:       2       1

ravin Saturday, 23 October 2021 08:31 AM

සිග්නල් කණු වෙන්න එපා.. මොකද සැලුන් දොර ඇරලා තියෙන්නේ...

:       0       3

BamunuarachchiTuesday, 26 October 2021 08:52 AM

දොර අරින්න දෙයක් නැහැ ඕවා බාබර් සාප්පු දොරවල්. ප්‍රශ්නේ දොර ඇරගෙන කොහාටද යන්නේ? රනිල් සජිත් ගාවටද? ඊටවඩා හොඳයි කියලා හිතෙනවා ඇති ගෙල වැලලා ගැනීම.

:       0       0

Kamal Saturday, 23 October 2021 08:52 AM

ඊ ලඟ ආන්ඩුවෙත් ඇමති කෙනෙක් වෙන්න මේ කුරුමානම

:       1       25

පැරකුම්Saturday, 23 October 2021 01:32 PM

කමල් ඔබ හරියට හරි. මෙයාට පැති මාරු කරලා හොඳට පුරුදුයි…!

:       1       13

ශාන් Saturday, 23 October 2021 10:06 AM

ඕවා හිතන්න තිබුනා 19 වැනි සංශෝධනය ආපස්සට හරවන්න කලින්. විධායකයට අසීමිත බලයක් දීලා බල තුලනය නැති කරන වෙලාවේ ඔය කියන අත්දැකිම් හා නුවණ කොහෙද තිබුනේ? දැන් අධිකරණය හා පාර්ලුමේන්තුව නිකන් ආයතන විතරයි. ඉහළින් එන නියෝගය තමා නිතිය.

:       2       40

Nirmal Saturday, 23 October 2021 10:29 AM

ඕව අපිට කියල වැඩක් නෑ හරියට හිතට එකඟව වැඩ කරන්න බැහැල යන්න. ඔට්ටුයි එහෙම කැරෙන්නේ නෑ කියල.

:       0       23

sa2000 Saturday, 23 October 2021 10:41 AM

අසව්! අසව් !!, සිග්නල් කනුවක් කථා කරයි !!!

:       1       25

siri Saturday, 23 October 2021 02:36 PM

ආයෙත් කම්මුල් පාරක් කන්නද කොහේදෝ හදන්නේ..?.

:       1       14

Lalith M Saturday, 23 October 2021 04:15 PM

19 සංශෝධනය වෙනුවෙන් අත උස්සපු හැම කෙනෙක්ම ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහි කාලකන්නි. දැන් නුඹලාටම ඒක වැටහෙන්නට ඕනෑ. ඒ පාපකර්මයට හවුල් වූ කිසිවකුට යහතින් මියයාමට හැකි නොවේවා...!!!

:       0       8

Janaka from Matara Saturday, 23 October 2021 06:00 PM

ඔහෙලා රාජපක්ෂලාට සිග්නල් කණු වෙන්න?.. අනේ කවුද ඒ වැරදි වැටහීම දුන්නේ...? ඔහේලා මැදමුලන තියන රබර් සෙරෙප්පු... අඩුගානේ සපත්තුවත් නෙමෙයි...

:       0       8

sampath Saturday, 23 October 2021 10:27 PM

දැන්නම් මිනිස්සු සිග්නල් කනුවකට තරම්වත් මායිම් කරන්නේ නෑ

:       0       4

nimal Monday, 25 October 2021 08:12 AM

ගිනිකන්ද පුපුරන්න පටන් ගෙන වගෙයි

:       0       0

BamunuarachchiTuesday, 26 October 2021 08:48 AM

නැහැ හලෝ අන්තිමට වෙන්නේ කන්දක් විළිලා මීයෙක් වැදුවා වගේ කියන දෙයක්. අන්තිමට පුස්සක්. ඔයාලා මෝඩ චුන් එකක් ගන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 26 October 2021 08:01 AM

වැරැද්ද දුටු තැන කතා කරන්න. එකටයි ජනතාව ඔබලාව ඔතනට යැව්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2196 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 421 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 722 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1081 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 190 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 655 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site