( දිල්රුක්ෂි ග්‍රේරු)
මාතලේ , ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහල රැක දෙන්නයි ඉල්ලා අද (20) රෝහල ඉදිරිපිටට රැස්වූ ගම්වාසීහු උත්ඝෝෂණයක නිතරවූහ.
අලුතින් ඉදිකරන ලද රෝහලේ පහසුකම් රැසක් තිබුණද ඒවා මෙම ගම්මානවල ජනතාවට ප්‍රයෝජනයක් ගත නොහැකි පරිද්දෙන් ඉහළ බලධාරීන් ඒවාට වැට බැද ඇතැය ඔවුහු එහිදී චෝදනා කළහ.
පසුගිය කොරෝනා සමයේ කොරෝනා රෝගීන් සඳහා රෝහල වෙන් කර තිබීයදී රෝහලට නවීන වෛද්‍ය යන්ත්‍රඋපකරණ පවා හිමි වූ අතර මේ වන විට ඒවා දඹුල්ල සහ ගලේවෙල යන රෝහල්වලට රැගෙන යාමට සැලසුම් කර ඇතිබවටද ඔවුනට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ලැබී ඇතැයි රෝහල් කමිටුව සඳහන් කරයි.
තම ප්‍රදේශයේ පහසුකම් සහිත මෙම ප්‍රාදේශිය රෝහල මහ රෝහලක් බවට පත් කරනවා යන්න බලධාරීන් පොරොන්දු ලබා දී තිබුණද මේ වන විට ඒ සියල්ල බොරුවක් බවට පත්වී රෝහල වැසී යාමේ තර්ජනයකට ලකව ඇතැයි ඔවුහු කියති.
එමෙන්ම රෝහල් සේවකයින්ද විටින් විට ස්ථාන මාරුවීම් ලබා දීමෙන් රෝහල තව තවත් වැසී යාමේ තර්ජනයටම ලක්ව ඇතැයි ඔවුහු කියති.
පැය තුනකට ආසන්න කාලයක් ලග්ගල රෝහල ඉදිරිපිට වර්ජනය පැවැති අතර රෝහල් බලධාරීන් මැදිහත්ව උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වර්ජනය තාවකාලිකව නැවත්වීමට පියවර ගත් බව උද්ඝෝෂකයෝ පැවසූහ.
ගම්වාසීන්ගේ චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී රෝහලේ ඉහල බලධාරියකු සඳහන් කළේ ප්‍රාදේශිය රෝහල මූලික රෝහලක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම කොරෝනා කාලයේදී රෝහලට ලැබුණු විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඇතැම් උපකරණ විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීමෙන් භාවිතයට නොගෙන තිබෙන බවත් වෛද්‍යවරයකු සිටියානම් එම ප්‍රශ්නය ද විසදෙන බවත් ඔහු සඳහන් කළේය. ගැමියන්ගේ ඉල්ලීම් වලට මේ වන විට ඉහලින් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව දැනගන්නට ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපේ රෝහල රැක දෙන්න