IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අපේ සුව සැරිය ලෝක බැංකුවේ ඇසින්

දකුණු පළාතේ සාරවත් තේ වතු වලින් සහ කුඹුරුවලින් යුත් මොරවක නම් ගම්බද නගරයේ වාසය කළ රම්‍යා නොයෙකුත් බාධක කම්කටොළු මැද අවසානයේ සිඟිති දියණියකගේ මවක් වූවාය.

රම්‍යාගේ දරු ප්‍රසූතිය අවදානම් එකක් වූ අතර දියණියට උපත ලබා දෙන මොහොතේ ප්‍රථමයෙන් පෙකණි වැල ගර්භාෂයෙන් එළියට පැමිණීම නිසා වඩාත් සැලකිලිමත් වීමට සිදුව ඇත.එම තත්ත්වය ඇතිවන ගර්භනී මව්වරුන් ප්‍රසූත කරන දරුවන්ගේ රුධිර සහ ඔක්සිජන් සැපයුම ඒ හේතුවෙන් අවහිර වීමේ අවදානමක් ඇතිවේ.

නමුත් රම්‍යාගේ දියණිය එවැනි අවදානමකට මුහුණ නොදී ආරක්ෂිතව මෙලොව එළිය දුටුවාය.රම්‍යාගේ දියණිය එවැනි අවදානම් තත්ත්වයක් තුළ ආරක්ෂිතව මෙලොව එළිය දුටුවේ රෝහලක් තුළ නොව සුවසැරිය ගිලන් රථයක් තුළය.

ඩිජිටල් තාක්ෂණයෙන් උසස් ලොව ප්‍රමුඛ පෙළේ ගිලන් රථ සේවාවලින් එකක් වන සුවසැරිය ගිලන් රථ සේවය නොමිලේ සපයන සේවාවක් වීමද විශේෂත්වයකි.

සුව සැරිය ගිලන් රථ සේවය 2016 වසරේ ආරම්භ වූ අතර මේ දක්වා මිලියන 1.8 කට වැඩි ජනතාවක් 1990 ගාස්තු රහිත දුරකතන අංකය අමතා උදව් ඉල්ලා ඇත.1990 දුරකතන අංකයට ඇමතුමක් ලබාදී විනාඩි 12 වැනි කෙටි කාලයක් තුළදී රෝගී වූවන් ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයකට හෝ රෝහලක් වෙත රැගෙන යාමට සුව සැරිය ගිලන් රථ සේවය සමත් වී තිබේ.එය ගිලන් රථ සේවයක් උදව් ඉල්ලා ලබා දෙන දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට ගතවන අඩුම කාලවලින් එකක්ද වේ.

රෝගියෙකු රෝහල වෙත ඇතුළත් කිරීමට පෙර ලබාදිය යුතු සියලුම ප්‍රතිකාර ඉතා උසස් ලෙස ලබා දෙමින් පසුගිය වසර හතක කාලය තුළදී සුව සැරිය ගිලන් රථ සේවය ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමට සමත් වී ඇත.ප්‍රතිකාර ප්‍රමාදවීම හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරමින් රටේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබා දීමට සුව සැරිය ගිලන් රථ සේවයට හැකියාව ලැබී තිබේ.

සුව සැරිය ගිලන් රථ සේවය ලබා දෙන අත්දැකීමෙන් අපට ඉගෙන ගත හැකි කරුණු රාශියක් ඇත.සුව සැරිය ගිලන් රථ සේවය අනුකරණය කරමින් මෙවැනිම සේවයක් දකුණු ආසියාවේ අනෙක් රටවලද ක්‍රියාත්මක කිරීම ආඩම්බර විය හැකි සම්ප්‍රදායක් ඉදිරියට ගෙන යාමක් වනු ඇතැයි නොඅනුමානය.

2018 පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය ගිලන් රථ සේවය පිහිටුවන ලදි.සුව සැරිය ගිලන් රථ සේවය රජය යටතේ ක්‍රියාත්මක වන සේවයක් වුවත් එම සේවයට පෞද්ගලික අංශයේ සංවිධානයක කඩිසරකම සහ ස්වාධීනත්වය තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස කැපී පෙනෙන කාර්යක්ෂමතාවයක් සුව සැරිය ගිලන් රථ සේවයට තිබෙන අතර රාජ්‍ය සේවයක තිබිය යුතු ප්‍රමිතිය පිළිබඳ නව මිනුම් දණ්ඩක් හඳුන්වා දීමට එම සේවයට හැකියාව ලැබී ඇත.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපතිවරයෙකු වන මාර්ටින් රේසර් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සුව සැරිය ව්‍යාපෘතිය විස්තර කර දී තිබුණේ බල ලෝභී දේශපාලනයට ඉහළින් තිබෙන ජීවිත බේරා ගැනීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ ද්විපාර්ශ්වික සහයෝගයේ බලය පිළිබඳ සාක්ෂියක් ලෙස ය.

සුව සැරිය ගිලන් රථ සේවයේ කොඳු නාරටිය තාක්ෂණය වේ.සැපයුම් මෙහෙයුම්වල සිට වාර්තාගත කාලයක් තුළදී ප්‍රතිචාර දැක්වීම දක්වා ක්‍රියාවලිය අඛණ්ඩව වැඩි දියුණු කර ගැනීමට සුව සැරිය ගිලන් රථ සේවයට ඇති කැපවීම සැමට දැකගත හැක.සුව සැරිය ගිලන් රථ සේවයේ පර්යේෂණ සහ සංවර්ධන අංශය හදිසි ප්‍රතිචාර පද්ධතියට කෘතිම බුද්ධිය ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි සොයා බලමින් සිටී.කාර්ය මණ්ඩලයට නව තාක්ෂණය පිළිබඳව සහ නව පද්ධතීන් පිළිබඳව දැනුම ලබා දීමට මෙන්ම රාජ්‍ය මූල්‍ය පීඩනයට ලක් නොවන පරිදි නව්‍ය අරමුදල් ප්‍රවාහයන් සොයා ගැනීම පිළිබඳව සුව සැරිය ගිලන් රථ සේවය සැමවිටම අවධානය යොමු කරයි.

ප්‍රධාන වශයෙන් පුද්ගලික අංශයේ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් පාලනය වීම සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වීමේදී එල්ල වන බාධාවන්ගෙන් තොරවීම හේතුවෙන් සුව සැරිය ගිලන් රථ සේවයට ජීවිත බේරා ගැනීම සඳහා තීරණාත්මක වන ඉක්මන්, පුළුල් තීරණ ගැනීමට හැකියාව ඇත.

දකුණු ආසියාව තුළ ඩිජිටල්කරණය සියලු දේ වෙනස් කරමින් සිටී, ඩිජිටල් නවෝත්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් සුව සැරිය ගිලන් රථ සේවයද වෙනස්වන ලෝකයට ගැලපෙන පරිද්දෙන් සිය සේවය නවීකරණය කර තිබේ.සුව සැරිය ගිලන් රථ සේවයේ වේගය සහ කාර්යක්ෂමතාව පැමිණෙන්නේ එහි ක්‍රියාවලි සහ මෙහෙයුම්වලට ඩිජිටල් තාක්ෂණය එක් කිරීම හේතුවෙනි.

උදව් ඉල්ලා පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබා දුන් විට එම ස්ථානයට ළඟම ගිලන් රථය නොව ඉක්මනින්ම ළඟා විය හැකි ගිලන් රථය හඳුනාගැනීමට සුව සැරිය ගිලන් රථ සේවය විසින් විශේෂිත ඇල්ගොරිතමයක් භාවිත කරනු ලබයි.එසේම ඇමතුම ලබා දුන් පුද්ගලයාගේ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා සුව සැරිය යෙදුමක් භාවිත කරනු ලබන අතර ගිලන් රථවල ඇති ඉන්ධන ප්‍රමාණයද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරනු ලබයි.

කනෙක්ටඩ් ඇම්බ්යුලන්ස් නම් නියමු වැඩසටහනක් යටතේ ගිලන් රථය තුළදී නව තාක්ෂණයේ ආධාරයෙන් වෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සුව සැරිය ගිලන් රථ සේවය අධ්‍යනය කරමින් සිටී.

රෝගීන්ට පූර්ව රෝහල් ප්‍රතිකාර ලබා දීමේදී තිබූ බරපතල හිඩැසක් පුරවමින් හදිසි ගිලන්රථ සේවාව සහ ප්‍රාථමික සත්කාර පහසුකම් අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම මගින් 1990 සුවසැරිය ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරමින් රෝගීවූ මිලියන සංඛ්‍යාත ජනතාවකට ජීවත්වීමට දෙවැනි අවස්ථාවක් ලබාදෙයි.

කොවිඩ් වසංගතය පැවති සමයේදී 175000 කට අධික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් වෙත යොමුකර ඇති අතර හෘද රෝගීන්ට නව බලාපොරොත්තුවක් ලබා දීමටද සුව සැරිය සමත් වී ඇත.විශේෂයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අපහසු ගම්බද ප්‍රදේශවල ජනතාවට සුව සැරිය බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබේ.

(ලෝක බැංකුව පළ කළ ලිපියක් ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

 



අදහස් (3)

අපේ සුව සැරිය ලෝක බැංකුවේ ඇසින්

චින්තක Sunday, 24 March 2024 12:46 PM

ලෝක බැංකුව ඉහලින් අගය කලත් ආරම්භ කල කාලයේ එමගින් රැගෙන එන රෝගීන් රෝහල් වලට ගැනීමට අකමැති කුහකත්වය හිසදරාගත් පිරිසක් ලංකාවෙ හිටියා නේද තවමත් එම වාහන හරියාකාරව ස්ථාන ගතකිරීමට ක්‍රමයක් නැතිබව පේනවා ඒගැන නම් කණගාටුවක් තියෙනවා

:       0       39

sam Tuesday, 26 March 2024 11:27 AM

ලොක්කා මේකත් විකුණන් කයිද දන්නේ නැහැ බොලන්.මොකක් විකුනලා හරි කමක් නැහැ කීයක් හරි හොයාගන්න

:       32       7

Bandula Friday, 29 March 2024 06:23 AM

සුවාසැරිය ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් නොවේද ?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක්
2025 අප්‍රේල් මස 19 237 0

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.


අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 168 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 527 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 287 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 581 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1434 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site