( තිළිණි ද සිල්වා සහ තුෂාර ද සිල්වා )
සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා සෑම ප්‍රයත්නයක් සඳහාම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය පැවසුවාය.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවේ මේ බව සදහන් කළාය.
කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාවට ඇති අභියෝග ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ඇතුළු එක්සත් ජාතීන් විසින් සිදුකරන ලද කටයුතු මෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව හරහා ලැබෙන ආධාර පිළිබදව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී අගය කළේය.
එසේම ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ තිරසාර සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමට , ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් ද විදේශ අමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරියට ස්තූති කළේය.
කොවිඩ් වසංගතය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ ප්‍රයත්න සහ ඒ සම්බන්ධයෙන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව ඒ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය දැනුවත් කළේය.
තවද මෙම හමුවේදී විදේශ අමාත්‍යවරයා සාමය, යුක්තිය සහ ආයතන සම්බන්ධයෙන් කටයුතු කරන තිරසාර සංවර්ධන ඉලක්ක 16 ඇතුළුව, මානව හිමිකම් පිළිබඳ දේශීය යාන්ත්‍රණයන් තුළින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය දැනුවත් කළේය.
ඉදිරි වසර 5 සඳහා එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රමුඛතා ඇතුළත් තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව 2023-2027 යටතේ, ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සූදානම් වීමේ ක්‍රියාවලිය පිළිබඳව නේවාසික සම්බන්ධීකාරකවරිය ඇමැතිවරයා දැනුවත් කළාය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අප හැම විටම ශ්‍රී ලංකා සමඟයි - එ.ජා සංවිධානය
Sriland Saturday, 04 September 2021 05:14 PM
ඒ ගොල්ලෝ කියන විදිහට වැඩ කළොත් ඔක්කොම හරි...