IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අබලි ද්‍රව්‍ය මුතුරාජවෙලට ගෙනයාම තහනම්

(විනීතා එම් ගමගේ)

අබලි ද්‍රව්‍ය රැගත් ටිපර් රථ මුතුරාජවෙල තෙත් බිමට ඇතුළු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්නැයි මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (28) පෙරවරුවේ නියෝග කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැති අවස්ථාවේ අමාත්‍යවරයා මෙම නියෝගය කර ඇත.

එම තෙත්  බිමෙහි සිදුවන නීති විරෝධී ගොඩ කිරීම් සිදුකරනු ලබන්නේ බැහැරින් ගෙන එන කොන්ක්‍රීට් කැබලි පරණ ටයර් නිවාස කඩා ඉවත් කරනු ලබන ද්‍රව්‍ය කුළියට බැහැර කරන ටිපර් රථ මගින් බව හෙළි වීම නිසා මෙම පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.

එසේ තහනම් කිරීමෙන් පසු ටිපර් රථ ඇතුල් කළහොත් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන්නැයි ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය 18 වැනිදා මුතුරාජවෙල තෙත් බිමෙහි කළ පරික්ෂණ චාරිකාවේ දී මෙවැනි අබලි රැගත් ටිපර් රථ දුටු අවස්ථාවේ ඒවා පිළිබඳ පරික්ෂා කර අත් අඩංගුවට ගන්නැයි බෝපිටිය පොලිසියේ ඉහළ නිලධාරියෙකුට දැනුම් දුන් නමුත් ඔහු මෙතෙක් පියවර නොගත් බව ද අමාත්‍යවරයා පැවැසීය.

පරිසරයට හානි සිදුවන අන්දමේ ව්‍යාපෘති තුනක් තමන් එහි කළ චාරිකාවේ දී හඳුනාගත් බවත් එම ව්‍යාපෘති තුන තහනම් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එම නිරික්ෂණ චාරිකාවේ දී මුතුරාජවෙල ගොඩ කිරිම් පිටුපස රාජ්‍ය නිලධාරින් ද ඇති බව හෙලි වී යැයි ද දැන්වත් තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකරන නිලධාරින් පිළිබඳව දැඩි පියවර ගැනීමට තමන් පසුබට නොවන බව ද අමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (1)

අබලි ද්‍රව්‍ය මුතුරාජවෙලට ගෙනයාම තහනම්

Kamal Koyrala Wednesday, 28 October 2020 11:11 AM

ඇමතිතුමාගේ මාධ්‍ය සංදර්ශන විතරයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 554 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2327 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 12 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 590 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 388 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1260 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site