IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘අබලි වාහනවලට යළි පණ ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ආයතන වලින් ඉවත් කරන ලද වාහන අලුත්වැඩියා කොට නැවත භාවිතයට ගන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන බව මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී  අද  (4) පැවසීය.

දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒ කාර්යය කරන්නේ නැතිනම් තමාට වාර්තා කරන ලෙස මුදල් ඇමැතිවරයා දැනුම් දී ඇතැයිද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල වාහන බොහොමයක් දිරාපත් වෙමින් තිබෙන බැවින් මේ ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතු නොවේදැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා  යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාමාර්ග අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.

ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ගෝඨාභය ජනපති බලයට පැමිණි සැනින් ජනාධිපතිවරයාට අයත් වාහන සංඛ්‍යාව ද බෙහෙවින් අඩු කළ අතර නාස්තිය, දූෂණය අඩු කිරීමට කැප වූ බවයි.අබලන් බස්රථ මෙන්ම ගිලන් රථ අලුත්වැඩියා කරන අතර ඒවා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 

 



අදහස් (7)

‘අබලි වාහනවලට යළි පණ ‘

sampath Monday, 04 October 2021 07:21 PM

ඔය ආයතන ප්‍රධානීන්ට වෙන වැඩ තියෙනවා අනෙක ආයතන මට්ටමින් ඕවා අලුත්වදියව සාර්ථක වෙන්නේ නැ. වියදම් විතරයි.

:       4       5

රනේTuesday, 05 October 2021 08:02 AM

ඔව්නේ. වෙන වැඩ නේන්නම් කරන්නේ.

:       0       1

Bamunuarachchi Monday, 04 October 2021 10:41 PM

අන්න ඔය හදන වාහන බදු නැතුව මන්ත්‍රීලාට අවරුදු තුනෙන් තුනට දුන්නත් කමක් නැහැ.

:       2       8

WCA Monday, 04 October 2021 11:20 PM

ඔය ආයතන ප්‍රධානීන්ට වෙන වැඩ තියෙනවා. ලේකම්ලට අහිංසක පොලිස් නිලධාරීන් මාරු කරන්න වගේ ,නිකන් මතක් වෙච්ච එකක් කිව්වේ.

:       2       8

Lalith M Tuesday, 05 October 2021 08:28 AM

ඒ කියන්නේ ඔය වගේ අය ගැන නේද. වැඩක් නෑ.

:       0       0

somasiri Tuesday, 05 October 2021 09:24 AM

ආණ්ඩුවට සල්ලි තියනවා කිව්වෙ ?..

:       0       0

BamunuarachchiTuesday, 05 October 2021 11:03 AM

පුදුම කතාවක්නේ සල්ලි තිබුන පලියට සල්ලි නාස්ති කරන්න ඕනෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2390 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 580 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1154 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6057 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 815 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5068 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 299 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site