(අංජුල මහික වීරරත්න)
අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ.
අභියාචනාධිකරණය සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර එවන්නට යෙදුණූ ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ නම යළිත් වතාවක් සති දෙකකට පසු සභාවට එවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබීය.
අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ජනාධිපතිවරයා එවූ නම ප්‍රතික්ෂේප කරනු ලැබු බව ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයෙක් පැවසීය.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අභියාචනාධිකරණ සභාපතිධූරයට ජනපති එවූ නම දෙවැනි වරටත් ඉවතට
Rata Perata Thursday, 24 January 2019 07:07 AM
වැඩකට නැති කෙනෙක්ගේ නමක් එවන්න ඇති,
SAMSAM Thursday, 24 January 2019 07:35 AM
වැරදීමකින් පරණ ලියුම එවලා ඇත්තේ .. සමාවෙන්න හොදේ ......
Bamunuarachchi Thursday, 24 January 2019 08:02 AM
ඔවුන්ගේ තේරීම ඔබ අනුමත කරන්න එපා..
aseThursday, 24 January 2019 09:03 AM
Bamunuarachchi, ජනාධිපතිට ජයවේවා!!! හික්.... අායෙත් වැරදුණා. ජනධිපතිට ඒක මතක් වේවා!!!
Chanak los angelesThursday, 24 January 2019 03:27 PM
අත්සන් නොකලොත් අධිකරණයට ගිහින් කරගන්න හැටි රනිල් දන්නවා.
SamanFriday, 25 January 2019 02:30 AM
ඒකාලෙ සිරිසේනට පලු යන්න බැනපු කෙනාට දැන් එයාව හොඳ වෙලා... " කලකදි වහලු - කලකදි හොඳ වෙනවාලූ "
BamunuarachchiFriday, 25 January 2019 07:15 AM
එජාපයට කත් අදිනකන් අපිට මේ ගොයියව එපාවෙලා තිබුණේ. ඒ කියන්නේ දැන් ඕනේ වෙලා නොවෙයි. මෙයා එජාපෙට සපෝට් නැතිකමයි අපිට ඕනේ.
BamunuarachchiFriday, 25 January 2019 07:17 AM
වැඩේ ඒ තරමට සිම්පල්.
Buddika Thursday, 24 January 2019 08:14 AM
හෙන්චයියෙක් වෙන්න ඇති. කොහොමත් මෛත්‍රීට උතුර, දකුණ මාරුවෙලා.. මුල මතකත් නැහැ. කන්න දීපු අතත් කනවනේ..
CHANDIMAFriday, 25 January 2019 01:19 AM
ජනාධිපතිගේ හෙන්චයියෙක් නම් කරලද? නැතිනම් ව්‍යවස්ථා සභාවට හෙන්චයියල දාගෙන තව කෙනෙක් නුල් සුත්තර වැඩ කරවනවද? මේ ජනාධිපතිගේ බලතල සේරම දුර දිග බලල සුත්තරෙන් එහා මෙහා කරන කාලෙනේ?
Athula Thursday, 24 January 2019 08:26 AM
ජනාධිපති තුමා කියන ඒවා දැන් ගණන් ගන්නේ නැහැ. ඒකයි හේතුව
sam Thursday, 24 January 2019 08:28 AM
ප්‍රභාකරන් කිව්වනේ සිංහල මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතකයේ තියෙන්නේ සති දෙකයි කියලා . ඉතින් ඒක ඔප්පු කරන්න මීටත් වඩා උදාහරණ ඕනැද??
de silva Thursday, 24 January 2019 08:40 AM
එවපු එක්කෙනාගේ ලිපිගොනුව තිබෙනවද දන්නේ නැහැ..
jagath Thursday, 24 January 2019 08:49 AM
බලයේ සිටියදී මෙතරම් සවුත්තු වුණු ජන නායකයෙක් තවත් නැතුව ඇති.
Hafeel Thursday, 24 January 2019 09:07 AM
කෝ ජනාධිපතිගේ තුරුම්පු? මෙයා මේ වෙනවිට ගත්තු සියලුම දේ අසාර්ථකයි. මරණ දඬුවම් කතාවත් දැන් පුස් වෙළා. ෆයිල් ටික නැති වෙලාලු. මේක රටේ නායකයෙක් කරන ප්‍රකාශයක්ද? මේ අඩුපාඩු තියද්දී තමා රනිල් සමග අවුරුදු හතරක් කියලා පොතක් ලියනවලු...
siripala Thursday, 24 January 2019 09:27 AM
"අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා මම යෝජනා කර එවූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පළමු වතාවට ප්‍රතික්ෂේප කරපු බව මම දන්නේ නැහැ. දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කරපු බව මම දන්නෙත් අද උදේ පත්තරෙන්"....
Perakum Thursday, 24 January 2019 09:34 AM
ඔය කට්ටිය කොච්චර කියෙව්වත් ඇති පලේ මොකක්ද. බලන්න ඡන්දෙයක් ආවහම අපේ කට්ටිය උඩ පැනලා ඡන්දෙ දෙන හැටි. අපේ ජනතාව දැනුවත් කරන්න කවුරුත් නෑ. දැනුවත් වෙන්නෙත් නෑ. ඒක තමයි තුන්වන ලෝකයේ මන්ද මානසිකත්වය.
Chandana Thursday, 24 January 2019 10:02 AM
අර ආණ්ඩුකාරවරු පත් කළා වගේ ඔය පරාද වුනු දේශපාලකයෝ හරි ඡන්දෙන් දිනන්න බැරි දේශපාලකයෝ හරි පත් කලානම් හොඳ නැද්ද?
senaThursday, 24 January 2019 11:52 AM
එහෙම මොකෙක් හරි වෙන්න ඇති පත්කරන්න ගිහින් තියෙන්නේ... වැඩේ දෙපාරක්ම බකල් වෙලා.
nihal c k Thursday, 24 January 2019 12:07 PM
ජනාධිපතිගේ බලතල ව්‍යවස්ථාදායක සභාවට දෙන එක හොඳබව ජනාධිපති හා ව්‍යවස්ථාදායකය පක්ෂ දෙකක අන්තර්ගත වීමෙන් ඇතිවී තිබෙන මෙම ප්‍රශ්නයෙන් පෙනීයනවා. නමුත් මෙවැනිම ගැටුම්කාරී තත්වයක් නව යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතෙන්ද යෝජනා වී තිබෙනවා. ඒ ව්‍යවථාදායකය විසින් ගෙනෙන නීතියක් සියලුම පළාත් සභාවලින් ඒකමතිකව සම්මත වියයුතු බවයි. එක පළාත් සභාවකට මුළු රජයම පාලනය කිරීමේ හැකියාව එවිට උද්ගත වෙනවා අපි කවුරුත් ප්‍රශ්නයට අදාලව මත ඉදිරිපත් කරනවා නම් මගේ වැරැද්දත්, ඔබේ වැරැද්දත් හදාගත්තා නේද?
sandy123 Thursday, 24 January 2019 03:14 PM
සවුත්තු වෙනවා කියලා මෙහෙමත් සවුත්තු වෙනවද? හරියට දෙයක් කරන්න බැරි බව නැවත නැවතත් ඔප්පු කර කර පෙන්වනවා. අනේ මෙහෙමත් අය...
Chanak los angeles Thursday, 24 January 2019 03:38 PM
ශුද්ධ වෙලා තිබෙන ස්ථානයකට අශුද්ධ එකෙක් දමලා අයිමත් අපවිත්‍ර කරන්නයි ඔය හදන්නේ ..ඉඩ දෙන්න එපා .
Nishan Thursday, 24 January 2019 10:59 PM
ප්‍රතික්ෂේප වූ නමක් නැවත එවීමෙන් ජනාධිපති කරන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තම ඒකාධිපති බලයෙන් යටපත් කරන්න උත්සාහ කිරීමක් නේද? විධායක ජනාධිපති ධූරයේ භයානකත්වයට මෙයම හොඳ උදාහරණයක් නොවේද?
chinthana Friday, 25 January 2019 05:56 AM
තමන්ට ඕනැ කෙනෙක් පත්කරගන්නවත් බැරිනම් මොකටද ඔය ජනාධිපතිකම?
Adam Saturday, 26 January 2019 11:02 AM
මෙතරම් පාච්චල් වෙච්ච කෙනෙක් මුළු ලෝක ධාතුවේම නැහැ. කියන්න දුකයි. එ්ත් ඇත්ත මෙතුමා උපන් මෝඩයෙක් කටමැත දොඩවනවා හැරෙන්න වෙන කිසිම දෙයක් බෑ...