(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
ඒ අනුව විදුලි බල අමාත්‍ය ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දුන්නේය., ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව විදුලිබල අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිමුරුම් දුන්නේය. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමාත්‍යවරු හතක් නව අමාත්‍යංශ හතක දිවරුම් දෙති
සුවාරිස් Monday, 16 August 2021 12:33 PM
එච්චරයි අඩුවකට තිබ්බේ... දැන් හරි ඔක්කොම සම්පූර්ණයි..
jayantha Monday, 16 August 2021 12:37 PM
කිරි ඉතිරෙයි .අනේ වාසනාවන් .බලාගෙන ඉඳිමු
මහසෙන් Monday, 16 August 2021 12:37 PM
කුට්ටම ඇණුවා.සියලු දෝශ නිවාරණයි.හොදම දේ වසංගතය පාලනය දෙවියන්ට බාර දුන් කෙනාට සෞඛ්‍ය බාරදීලා.දැන් නම් දෙවියන්ගෙම පිහිටයි.නියම විද්‍යානුකූල පත්වීම්. ඩබල්.රෙස්පෙක්ට් සර්.රටම ජාතියක් ලෙස අඬන්න ඕන වෙලාවක මෙහෙම හිනස්සනවට
Praba Monday, 16 August 2021 12:37 PM
අති විශිෂ්ටයි සර්
thushara Monday, 16 August 2021 12:38 PM
අයියෝ.. දැන්නම් සෞඛ්‍ය දෙවියන්ටම බාරයි
සඳුන් Monday, 16 August 2021 12:44 PM
නාථ දෙවියන්ට කොවිඩ් මර්ධන උපදේශක තනතුරක් ලැබෙන හැඩයි.
kamal Monday, 16 August 2021 12:44 PM
මොන පිස්සු වැඩද මේ .පිස්සෝ ඇවිත් මේක අච්චාරුවක් කරනවා .ඇමති වරයෙක් අදාල අංශයේ වැඩ කටයුතු භාර අරගෙන එම අංශය පිලිබඳ අවබෝධ කරගෙන වැඩක් කරන්න කලින් ඇමතිකම මාරු කරනවා .එතකොට හැම වැඩක්ම අච්චාරුවක් වෙනවා .69 මෝඩ හැත්තට දැන් වත් තේරුම් යයිද මේවා
kamal Monday, 16 August 2021 12:48 PM
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යාංශවලට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යවරයා ලෙස... අහෝ...!!!
ගමේ එකාලාMonday, 16 August 2021 01:59 PM
පවුලේ අය බදාගෙන, බෙදාගෙන කනවා. සුදුසුකම් ඕනෑවට වඩා තියෙන නිසා අධිකරණ කටයුතු අධීක්ෂණය කරන්නයි දෙන්න තිබුනේ..
වර්ණකුලසූරියMonday, 16 August 2021 02:42 PM
අපි හිතුවේ ඩේසි ආච්චි මැතිණියටත් තනතුරක් ලබාදෙයි කියලයි. වෙලාවේ හැටියට මැණික් මළු ටිකක් වගේ ලබාගන්න තියෙනවා නම් වටිනවා. දැන් මොල හතක් තියෙන මුදල් ඇමති කෙනෙකුත් ඉන්න එකේ... කමක් නැහැ නාමල් බේබිට සළකලා තියෙනවනේ... ගමේ උගත් කොල්ලන්ට වඩා බේබි කොච්චර උගත්ද? වෙනම කාමරයක උපාධියට ලීවාම ඕනෑතරම් ඇමැති තනතුරු දරන්න හැකියාව ලැබෙනවා. වලව්වක ඉපදුණාමත් විශේෂ වාසනාවක් තියෙනවා. ගමේ උගත් කොල්ලනි, වලව්වක් ණයටවත් ගනියව්.... පහළ පංතියේ පුරවැසියන් වන අපට තවත් මේ කට්ට කන්න බැහැ.
HafeelMonday, 16 August 2021 03:06 PM
ඒ කියන්නේ නාමල්ට හැම අමාත්‍යාංශයටම ඇඟිලි ගහන්න පුළුවන්. මේ සංශෝධනයේදීත් රාජපක්ෂ කෙනෙක්ව ඇතුළත් කරලා. තව අවුරුදු සීයටවත් මේ පක්ෂය තුළ රාජපක්ෂ පවුලෙන් පිට ජනාධිපති හෝ අගමැති හෝ බලාපොරොත්තු තියන්න බැහැ. දැන්වත් ඔය පොහොට්ටු (පවුලේ) පක්ෂය තුළ ඉන්න අය තේරුම් නොගත්තා නම්...!!!
gunarathnaMonday, 16 August 2021 06:37 PM
ඉතින් ඔයාලගේ බාප්පට ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න කියන්නකෝ... ලංකාවේ ඉන්න රොත්ත බුරුත්තම ඡන්දෙ දෙන්නේ රාජපක්ෂලාට... එහෙම නැතිව කෙනෙක් ඉන්නවද? ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඉන්නවද?
කල්පනාTuesday, 17 August 2021 06:19 AM
සෑම අමාත්යාංශකයකම සංවර්ධන කටයුතු තියෙනවානේ.ඉතින් සමහර අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සිටියත් ඔවුන්ගේ ක්‍රියාවනුත් අධීක්ෂණය නාමල්ට පැවරිලා කියලයි කියන්නේ.
සනත් ගමගේ Monday, 16 August 2021 12:53 PM
ඩලස් විදුලි බල ඇමැති වුනාම දඩස් ගාලා ලයිට් ගියා. ජනමාධ්‍ය ඇමැති වුනාම දඩස් ගාලා මොනවා වේවිද මන්ද. අඩුම තරමින් කොවිඩ් රෝගීන් හා මිය යන සංඛ්‍යා මාධ්‍යයට ලබාගන්න හැකිවන සේ වත් කටයුතු කලොත් හොඳයි.
සිල්වා Monday, 16 August 2021 02:17 PM
69 මෝඩ නෑ. ඉතුරු ටික යි මෝඩ... රාජපක්ෂලා බලයට ගේන්න නොයෙකුත් පාර්ශවයන් ගත් උත්සාහයන්වල ප්රතිඵලයි දැන් අත්විඳින්නේ. ඔවුන් එය දැනගෙනයි සියල්ල සිද්ධ කළේ. කොස්ගෙඩි කඩන්න කොස් ගහක් හිටුවන්න ඕනෑ...
Ruhunu Monday, 16 August 2021 01:24 PM
යල මහ දෙකටම ඉන්නේ එකම හරක් බාන බව මිනිසුන් නොදන්නෙහිද?
pakeer Monday, 16 August 2021 01:27 PM
ඔයාලගේ ඇමැතිකම්වලින් අපිට වැඩක් නෑ. හෙණ ගැහුවත් අපිට කමක් නෑ. කවුරු ආවත් ඔච්චරයි.. දැන් මේ රට වහපල්ලා..
marikkar Monday, 16 August 2021 01:29 PM
මේ සියලු සමාජ විරෝධීන් සදහටම ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.
sachith Monday, 16 August 2021 01:31 PM
දැන්නම් ඉතින් කොරෝනාවට දෙයියන්ගේම පිහිටයි...
Nandalal DE SILVA - France Monday, 16 August 2021 01:34 PM
ඉත්තො ටික දිගට හරහට ඇදලා ඉවරවුණ නිසා දැන් ඔක්කොම ප්‍රශ්න ඉවර වේවි.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 16 August 2021 01:35 PM
ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපනේ ඉහළින්ම කළා. ඒ ගැන හැමෝම දන්නවා. පවිත්‍රා නෝනාත් සෞඛ්‍ය ඇමතිකම ඉතා හොඳින් කරා. කෙහෙළිය ගුරුවරුන්ට ගෞරවාන්විත ලෙස කතාකරලා ගුරු විදුහල්පති සේවයේ අය රට පුරා ඔහුට ගෞරව කළා. ඔහු සෞඛ්‍යයත් ඉහළින්ම කරලා දමාවි කියලා හිතෙනවා. විදෙස් කටයුතු ඉහළින්ම කොට විදෙස් ගෞරවය දිනාගත් දිනේෂ් අධ්‍යාපනයත් ඉහළින්ම ඉවරයක් කරාවි කියලා හිතෙනවා. ගාමිණී ලොකුගේ ගැන අපට වඩා වැඩි දැනීමක් ජනතාවට තියෙනවා. ඒ නිසා විදුලි බලේ ඔහුට කජ්ජක් වේවි සමහරවිට. ක්‍රීඩාවෙන් දෙස් විදෙස් ප්‍රතිඵල පෙන්වූ නාමල් මේ ලැබුණු ඇමතිකමත් හොඳින්ම කරාවි. තමන් දන්නා දේ නිසා ජනමාධ්‍ය ඇමති ධුරය ඩලස් කෙහෙළියට වඩා හොඳින් කරාවි කියා හිතෙනවා. හොඳටම රටේ අවුල් වී තිබෙන පාලනේ දැන් කොහොමත් තවත් අවුල් වෙන්න දෙයක් නැති නිසා කිසි ගැටලුවක් වෙන එකක් නැහැ. මොනවා වුණත් අන්තිමට කියන්නේ අපි තමයි හොඳටම කළේ කියලයි.
විජිත් Monday, 16 August 2021 03:43 PM
බොහොම හරි සමිත, මේ කට්ටියම " එදත් සුරයෝ අදත් සුරයෝ .." අනිවාර්යයෙන්ම මොකක් හරි අසික්කිත වැඩක් කරලා හෙටත් සුරයෝ වේවි.මේ කාලකන්නි රැලම ඇත්ත වශයෙන්ම සිටිය යුත්තේ ජිවිතන්තයට සිර දඬුවම් විඳිමින් බලු කූඩුවල. මම යෝජනා කරනවා ජි එල් පිරිස් ලොක්කාට ...රෑට රෑට හරි අපේ..රජිව විජේසිංහ මහත්මයා වැනි ඉංග්‍රීසි පිලිබඳ ඉහලම දැනුමක් ඇති මහාචාර්ය වරයෙකුගෙන් විදේශ සබඳතා හා රාජ්‍ය පරිපාලනය පිලිබඳ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා , අමාත්‍යංශය බාර ගන්න කලින්. ඔය නරුම නාකියාගේ මොට්ටවුන ඉංග්‍රීසි නිසා තමයි මහින්ද රාජපක්ෂ, බැන්කිමුන් දුන්න ලිපියට අත්සන් කලේ. ඒ ලිපිය තමයි එක්සත් ජාතින් අපිට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල කරන්න උපයෝගී කර ගත්තේ.එවැනි ජාති ද්‍රෝහියෙක් විදේශ ඇමති වුනාම ...මොනවාද නොවිය හැක්කේ. හෙට ඉන්දියන් කාරයා " සැර ඉංග්‍රීසි " වලින් පටලවලා ලිපියක් ගෙනත් දුන්නොත්...මේකා ඒකත් අත්සන් කරයි. අන්තිමට ඉන්දියාව මේ රටට ගොඩ බැස්සාම උන් කියයි.." මේ මේ අපිට චෝදනා කරන්න එපා.ඔයගොල්ලන්ගේ පාලකයින් ශ්‍රී ලංකාව අවුරුදු 99 කට ඉන්දියාවට බදු දුන්නා රටේ මිනිස්සුත් එක්කම. මේ බලන්න ඒ අත්සන් කරපු ගිවිසුම සහිත ලිපිය.." කියලා.
kamal Monday, 16 August 2021 01:36 PM
දැක්කද අපේ සර්ගෙ වැඩ...? මේකෙන් හොඳටම ඔප්පු වෙනවා... අපේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රජයේ සිටින ඉහළම ගණයේ අමාත්‍ය කෙනෙක් බව.. 69 ලක්ෂයේ ආශීර්වාදය රටටම ලැබේවා..!!!
වර්ණකුලසූරිය Monday, 16 August 2021 01:55 PM
අවුරුදු 73 ක් අපේ රට සෞභාග්‍යය වෙත ගෙන ආ ක්‍රමය තවදුරටත් ඉදිරියට යාමක් තමයි සිදුවෙන්නේ. අතීසාරයටත් එහා ගිය වසංගත තත්වයකට පත්වී ඇති අපේ රටට අමුඩ මාරු කිරීමට එහා ජනතාව නොසිතීම මුතු ඇටයේ අවාසනාවයි.
සෙනෙවිරත්න Monday, 16 August 2021 01:55 PM
1994 චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ඉඳලා ලොකුගේ හැර අනිත් සෙට් එක විවිධ ඇමතිකම් දැරුවා, කියන්න බලන්න එදාට වඩා මොන අමාත්‍යාංශයේ ද ප්‍රගතියක් ඇතිවී තිබෙන්නේ කියා? තව කෙරුවත් මෙච්චර තමයි කියලා හිතෙන්නේ නැද්ද? මොවුන්ට මිනීපෙට්ටිය බැගින් දී පරණ නිල නිවාසයක නතර කර, ඔය අමාත්‍යාංශ ඉබේ යන්න ඇරියා නම් මීට වඩා හොඳ නැද්ද?
Nuwa Monday, 16 August 2021 02:10 PM
හතක් නෙමෙයි අටක් වෙන්න ඕනෑ. කොරෝනා පාලනය පිළිබඳ ඇමති දෙයියානේ... ජයවේවා ...!!!
ලලිත් Monday, 16 August 2021 02:10 PM
කාලයක් රූපවාහිණියෙන් නොපෙනුන අප්‍රසන්නම මුහුණක් ආයෙම පෙනෙන්න ගත්තාම කොහොමට හිටීවිද? හැබැයි මාරම විද්‍යාත්මකව වැඩේ කරලා තියෙනවා. සද්දෙට කෝච්චි දුවාවි...
Ranjit Monday, 16 August 2021 02:16 PM
වසංගත රෝග විශේෂඥවරු, දොස්තරවරු ඉන්දැද්දී රස්සාව දෙනවා. කොටු පැනලා කකුල් කඩාගත්තු, රෝග නිවාරණය දෙවියන්ට බාරදුන්නු කෙනෙකුට... හරිම විද්යාත්මකයි...
Rajinda Monday, 16 August 2021 02:19 PM
ලොකු සර් හොඳටම කරනවා.. ජනපතිවරණය කාලේ මිනිස්සු අත්දෙක වැඳගෙන ඉල්ලපු දේ සුපිරියටම දෙනවා. සියල්ලම විද්‍යාත්මක ක්‍රමයටමයි සිද්ධ කරන්නේ. වාසනාවන්.!
Nuwan Monday, 16 August 2021 02:35 PM
සිරියාවන්ත හිනාව... පින්තූරෙ දැක්කත් කිරි උතුරනවා.
ganegodaMonday, 16 August 2021 03:58 PM
ලංකාවේ සංචාරයේ යෙදී සිටි සුද්දෙක් කිව්වා.., ලංකාවේ තමයි ලෝකයේ කැතම කැත මිනිස්සු ඉන්නේ කියලා...
janahitha Monday, 16 August 2021 04:55 PM
කවුද ඔය පරසුද්දා..? අපි ලාංකිකයෝ... ඒ අය අපිව සූරාකෑව නිසා අපි දරිද්‍රතාවයෙන් පෙළෙනවා..
doranTuesday, 17 August 2021 11:33 AM
ලොකුවට පම්පෝරි ගැහුවට ගෙදර මුහුණ බලාගන්න කන්නාඩියක්වත් නැහැ වගේ !
චමින්ද Monday, 16 August 2021 02:37 PM
රටේ ප්‍රශ්න ප්‍රශ්නවලට පිළිතුරු හොයන හැටි. අහිංසක මිනිස්සුන්ගේ ඡන්දයෙන් බලයට ඇවිත් මේ අය සූදු කෙලිනවා. වියත්මගට මොකද වුනේ? නියම අවස්ථාවාදින්...
විජේ Monday, 16 August 2021 04:02 PM
වියත්මග නියම ආකාරයට සිද්දවුණා... වියතක් දුර ගිහින් නතර වුනා..
WarnakulasuriyaMonday, 16 August 2021 07:34 PM
වියත්මග වියතුන්ට කියත් හිරවෙලා.
ගමේ එකාලාMonday, 16 August 2021 04:26 PM
අයියා මහින්ද චින්තනේ 1, 2 කියලා බේගල් වට්ටෝරු 2ක් පෙන්නලා ජනතාව ගොනාට ඇන්දුවා. මලයා වියත්මග, සෞභාග්‍යයේ දැක්ම කියලා බේගල් වට්ටෝරු දෙකක් පෙන්නලා ජනතාව රැවැට්ටුවා. දේශපාලුවන්ගේ බොරු බේගල් වලට, සුරන්ගනා කතා වලට රැවටිචිච එකයි අන්තිමට සිද්ද වුනේ? කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල...
රටවැසියා Monday, 16 August 2021 02:38 PM
අම්මේ දැන් තමයි හිත පිරුණේ... ඕක කරන්න තිබුණේ කළින්නේ. දැන්නම් රට ඉක්මණටම ගොඩයනවා ශුවර්... එකටම.
Ruwan R Monday, 16 August 2021 02:49 PM
කොරෝනා මර්ධනය හා ආර්ථිකය ගොඩ නැගීම උදෙසා දැවැන්ත පියවරක්... කොහෝම ස්තුති කරන්නද කියලා හිතාගන්න බෑ...
KAPILA Monday, 16 August 2021 02:55 PM
කුට්ටම ඇනුවාට හිටපු බුරුවන් වෙන තැනක ඉන්නවා හිටපු ජෝකර්ලා වෙන වෙන තැනවල ඉන්නවා. කොරෝනා මර්දනය දෙවියන්ට බාරයි. උම්මාදේවි දන්න ප්‍රවාහනේ?. ජී.එල්. පප්පා අධ්‍යාපනෙන් ඉවත් කිරීම නම් හොඳ තීරණයක්... එහෙත් අධ්‍යාපනය දෙන්න තිබුණේ ඩලස්ට...
විපරමා Monday, 16 August 2021 03:02 PM
මෙයාලා ආපු දවසේ ඉඳලා කෙරුවේ පවුලේ අයව කිට්ටු කරගෙන මැති ඇමැතිකම් බෙදාගත්තු එකයි. හිරේට ගිය තමුන්ගේ හෙන්චයියලා නිදහස් කරගත්තු එකයි, නඩු ඉල්ලා අස්කරගත්තු එකයි, ගැසට් නිවේදන ගහපු එකයි විතරයි. මේ වගේ පිස්සු කෙළින පවුල් පාලන ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති....
gunarathnaMonday, 16 August 2021 08:16 PM
කවුද පත්කෙරුවේ? ඔබාමාද? බයිඩන්ද? මේ රටේ ඉන්න මිනිස්සුන්ම තමයි. ඔය පවුලේ කවුරුත් බලෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. බොරු කයිවාරු නොගහ පුළුවන් නම් ඡන්දෙන් පරද්දලා ගෙදර යවන්න බලන්න. ඡන්දයක් තියෙනවා නම් රෙදි උස්සගෙන ගිහිල්ලා කතිරෙ ගහලා රාජපක්ෂ පරම්පරාවම දිනවලා දැන් බයිලා ගහනවා.
Namal Monday, 16 August 2021 03:04 PM
පිස්සු තමයි.
Dewa Monday, 16 August 2021 03:12 PM
සර් නම්, නියමෙට කල්පනා කරලා කෙහෙළිය මහත්තයාට සහ පවිත්‍රා නෝනාට ඇමැතිකම් දීලා තියෙනවා.
Ruwan R Monday, 16 August 2021 03:15 PM
ජනතාව හෝ රට ගැන සිතා ගන්න තීන්දු තීරණ නොපෙනේ. මහජන විරෝධයන් හමුවේ බලය රැකගැනීම උදෙසා කුට්ටම අනා ඇත.
කැහිලිය Monday, 16 August 2021 04:14 PM
"ඔබ සැමට දෙයියන්ගෙම පිහිටයි", සෞඛ්‍ය අමාත්‍යාංශයේ පණිවිඩයකි.
bandara Monday, 16 August 2021 04:39 PM
සෞඛ්‍යයට දෙවියන් වැඩලා. දෙවියන්ගේම පිහිටයි.
Demuni Uduwara Monday, 16 August 2021 05:12 PM
ජාතික රජයක් පිහිටුවන්න.
sarath Monday, 16 August 2021 05:44 PM
මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. මහජනයා ගෙවල්වල ඉඳලා දිවුරනවා.
පොඩි මල්ලි Monday, 16 August 2021 05:50 PM
සර්, අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙක නාමල්ටයි, බැසිල්ටයි දුන්නොත් මොකද? මම හිතන්නේ එක් තමා හොඳම විද්‍යාත්මක ක්‍රමය මේ අවස්ථාවේ..
සාපයක් Monday, 16 August 2021 06:48 PM
මොකද මේ රටටම ද්රෝහිවෙච්ච, රටටම සාපයක් වෙච්ච අයගේ මුහුණු දාන්නේ? බලන්නත් බැහැ..
Mf Monday, 16 August 2021 07:23 PM
හිහ්..හිහ්... හොඳටම කළා. එකම බස් එකේ ටයර් මාරුකරලා...
Rata Perata Monday, 16 August 2021 07:32 PM
නන්දසේන වෙනුවට වෙනත් කෙනෙක් පත් කරගන්න කම් අපේ රටට සෙතක් වෙන්නේ නෑ. මේවා නිකන් බයියන් පිනවන්න කරන සංදර්ශන...
sam Monday, 16 August 2021 07:59 PM
අන්තිමට එජාපයෙන් ආපු තක්කඩි ටිකට හොඳ ඇමැතිකම්...
Deepal Nirosh Monday, 16 August 2021 10:36 PM
කොහොමත් වසර දෙකකට වරක් වත් කාර්යාලයක නිලධාරීන් අතර අභ්‍යන්තර ස්ථාන මාරු සිදුකළ යුතුයි. ඒක අමුතු දෙයක් නොවෙයි. ඇරත් හැමෝටම ඉදිරියෙන් අමාත්‍යංශ සංවර්ධන අධීක්ෂණ අමාත්යවරකේ පත් කරල තියෙන්නෙ. කවුරු ඇමති වුණත් ගැටළුවක් නැහැ.
sarath Monday, 16 August 2021 11:36 PM
විදේශවල ලැගපු පුත්තලම් බුරුවොත් ඉන්නවා කියලා දැනගත්තා
බණ්ඩා Tuesday, 17 August 2021 12:59 AM
මොවුන් රට විනාශ කරලා තමයි නවතින්නේ. ඇදුම් වශයෙන් යමක් කරද්දී නොදන්නා කම පැත්තකට දැම්මත් කොමන් සෙන්ස් කියලා දෙයක් තියෙනවනේ. එකවත් තියෙන්න එපෑ ය. හොඳයි නේද හැටනම් ලක්ෂෙක තෝරාගැනීම. අනිත් 54 ලක්ෂය සහ චන්දය නොදීපු සියලු දෙනාම නුඹලා විසින් අමාරුවේ දැම්ම බව මතක තියාගත යුතුයි. එයට කිසිම සමාවක් නැත.
ශ්‍රීලන්කන් වන් Tuesday, 17 August 2021 01:54 AM
ලංකා ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව
MY3 Tuesday, 17 August 2021 05:31 AM
"බූරුවෝ, කුට්ටමේ කොහේට දාලා ඇනුවත් වැඩක් නෑ"
chandima Tuesday, 17 August 2021 07:57 AM
සර් පේනවා නේද මිනිස්සුන්ගේ අදහස් ටික. කැහි ගෑණු රොත්තයි හොටු ගෑණු රොත්තයි මාරු කර ගත්තට තඹ දොයිතුවක වැඩක් තමුන්නාන්සේට කරගන්න බැරි වේවි.
එමිඑමි Tuesday, 17 August 2021 07:58 AM
මුන්ට පිස්සු මෙි වෙලාවෙ මෙිකද කරන්න ඔින. මුන් මෙව්වට තවත් කෝටි ගනන් වැය කරනව .රටට මෙි වෙලා තියන දේ මේ හරක්ට පේන්නෙ නැද්ද .මොනවද මෙි කරන මෝඩ වැඩ .මිනිස්සුන්ට මෙි වෙලාවේ වෙලා තියන දේ පේන්නෙ නැද්ද. ඇත්තටම මේ තරම් රට පාලනය කරන නායකයෝ මෝඩ නූ ගත් ද කියල හිතෙනව. කනගාටුයි .අපේ රටට යන කල දසාව ගැන මේ රට ඉවරයි මේ නූගත් මෝඩ දේශපාලනය හින්දා
ramesh Tuesday, 17 August 2021 09:40 AM
එකම හරක් ටික වෙන තැන් වල බැන්දා කියලා මේක විසදෙන්නේ නැහැ .ඔය 225 අඩු කරන්න .උන් මේ රටට බරක්
ඡන්දදායකයා Tuesday, 17 August 2021 09:40 AM
ඔය ක්‍රමයට ඇමතිවරු විතරද වෙනස් කරන්න පුළුවන්?
පිටිගල මිලානෝ Tuesday, 17 August 2021 10:05 AM
අනේ මන්දා... රටින් පැන්න එකේ එහෙම ඉන්න තිබුනනෙ....
nihal Tuesday, 17 August 2021 11:05 AM
මෙච්චර රටට හෙනගහලා තියෙද්දිත් තවත් වහල්ලු ඉන්නවා කියලා තේරෙන්නේ මට විතරද?
wajira Tuesday, 17 August 2021 06:41 PM
ඔපදූප ප්‍රශ්න විහිලු ප්‍රශ්නවලට උත්තර දෙනනත් ඇමැතිවරු ඉනනවා